මිගමුව ලොයලා විදුහලේ රියදුරන්ට පහසුකම් සහිත විවේකාගාරයක් !

0
222

මීගමුව ලොයලා විදුහලේ රියදුරු මහතුන් විසින් කරන්නාවූ මහඟු සේවය අගයමින් ඔවුන් සඳහා පාසල තුළ සියලු පහසුකම් වලින් යුත් විවේකාගාරයක් ස්ථාපිත කර විවෘත කිරීම, මීගමු කලාපීය අනුනාහිමි අතිගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමන්ගේද, විද්‍යාලයේ හිටපු අදියුරු ගරු ට්‍රෙවෝ මාටින් පියතුමන්ගේ සහ වත්මන් අදියුරු ආචාර්ය ගරු කෙනඩි පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, එම රියදුරු මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026 අප්‍රියෙල් මස 06 වන දින සිදු කෙරිණි.

කිසිදු පාසලක නොමැති මෙම විශේෂ පහසුකම වත්මන් අදියුරු ආචාර්ය ගරු කෙනඩි පෙරේරා පියතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විය. 💡🏫

එහිදී එම රියදුරු මහත්වරුන් සඳහා පාසලට ඇතුළු වීමේදී භාවිතා කිරීමට පාසල විසින් නිකුත් කරන හැඳුනුම්පත් පියතුමාගේ අතින් ඔවුන්ට ප්‍රදානය කරන ලදී. 🪪✨

එම අවස්ථාවේදී මෙම උතුම් කර්තව්‍යය වෙනුවෙන් රියදුරු මහත්වරුන්ගේ ගෞරවය හා ස්තූතිය පියතුමන් වෙත පුද කෙරිණි. 🙏🌟

ජායාරූප : ශලින් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here