spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙසක් පෝදා සුනඛ සුරතලෙකු පුංචි රෝමයේදි වෙඩි තබා ඝාතනය කරද්දි කතෝලික පල්ලිය නිහඬ වුනේ ඇයි ?

Must read

Max 8IMG_20200507_071741වෙසක් පෝ දා සුනඛ සුරතලෙකු පුංචි රෝමය යැයි විරුදාවලිය ලත් මිගමුවේදි වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිම සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ මිගමුවේ කිසිදු පියතුමෙකු ඒ අමානුෂික තිරිසන් ක්‍රියාව ගැන කිසිදු අවධානයක් යොමු කළ බවක් පෙනුනේ නැත.
මෙම ඝාතනය කිරිම සිදුකර තිබුනේ තුවක්කුවක් භාවිතා කරමින් බව දැන් රටම දනි.
මිගමුව පොලිසියට එය පොඩිතුවක්කුවක් බවට පත්කරවිමට ඇති උවමනාව මේ රටේ ප්‍රගතිශිලි ජනයා වඩාත් හොදින් තේරුම් ගන්නා අතරේ මිගමුවේ කතෝලික පියතුමන්ලා නිහඩ වුයේ ඇයිද යන්න සැබැවින්ම ගැටළුවකි.
මිගමුව පෙරියමුල්ල ග්‍රාමයේ දැන් තුවක්කුවක් ඇතැතිව බල්ලන් වුව වෙඩිතබා ඝාතනය කරන අයෙකු නිදැල්ලේ සිටි. දැනට චෝදනා එල්ලව ඇති පුද්ගලයා අයත් වන්නේ මිගමුව දළුපත මිසමට බවට කියැවේ.
පසුගියදා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඕමල්පේ සෝභිත හිමියන් මිගමුව පොලිසියට එරෙහිව බරපතල ප්‍රකාශයක්ද සිදුකරන්නට යෙදුණි.
සුනඛ සුරතලාගේ හිමිකරු ලොකු පුතා යැයි ආමත්‍රණය කරමින් ඇතිදැඩි කළ මැක්ස් නැමැති සුනඛයාගේ ඝාතනය පිළිබදව නඩු විභාගය යළිත් හෙට දිනට යෙදි තිබේ.
සත්‍ය වසන් කරමින් පසුගිය වෙසක් පෝ දිනයේ වැඩබලන මහේස්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරමින් මිගමුව පොලිසිය විසින් ඝාතන චෝදනා ලැබ තිබෙන විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ ඇප අවලංගු කරන්නේද යන්න විමසා බැලිම හෙට දිනයේදි සිදුකිරිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article