spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළඳ කලාපයේ අසූචි දඬුගම් ඔයට

Must read

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දෙවන අදියරේ  අපවිත‍්‍ර ජලය පිරිපහදු කරන පොම්පාගාරය භාර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එනම් වෙළඳ කලාපයේ දෙවන අදියරේ වැසිකලි පද්ධතියෙන් මුදාහැරෙන අසූචි මිශ‍්‍ර අපවිත‍්‍ර ජලය ඇල මාර්ගයක් මගින් ගලා යන්නේ දඬුගම් ඔයටයි. එම ඇල මාර්ගයෙන් අපවිත‍්‍ර ජලය දඬුගම් ඔයට ගලායාමට ප‍්‍රථම අසූචි මිශ‍්‍ර අපවිත‍්‍ර ජලය  විශේෂ පිරිපහදු පොම්පාගාරයක් මගින් අසූචි හා වෙනත් විෂ ද්‍රව්‍ය ඉවත් කර ඇල මාර්ගය ඔස්සේ දඬුගම් ඔයට මුදා හැරේ.
එහෙත් දැනට වසරකට වැඩි කාලයක් තුළ මෙම පිරිපහදු පොම්පාගාරය අක‍්‍රිය වී තිබේ. මෙම තත්ත්වය තුළ වැසිකිලි පද්ධතියෙන් මුදාහැරෙන  අසූචි මිශ‍්‍ර අපවිත‍්‍ර ජලය සෘජුවම ගලායන්නේ දඬුගම් ඔයටයි. මෙම අයහපත් තත්ත්වය දඬුගම් ඔයේ ජලය පරිභෝජනයට ගන්නා බහුතර ජනතාවටත් ඔය දෙපස පදිංචි ජනතාවටත් විශේෂයෙන්ම දඬුගම් ඔය පරිසර පද්ධතියටත් ඉතා අන්තරාදායක තත්ත්වයකි. මෙවැනි අයහපත් තත්ත්වයක් දඬුගම් ඔයෙන් පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නා ජනතාවගේ යහපත් සෞඛ්‍යට මරු පහරකි.
එබැවින් මේ පිළිබඳව ප‍්‍රදේශවාසී ජනතාව නිරන්තරයෙන් සීදුව පොලීසියට සීදුව කටුනායක නගර සභාවටත් පැමිණිලි කර ඇත. ඒ අනුව පසුගිය  ජූනි 05 වැනි දින  සීදුව පොලීසිය විසින් මෙම පිරිපහදු පොම්පාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව මීගමුව මහේස්ත‍්‍රාත් අදිකරණයට කැදවා තිබිණි. එලෙසම සීදුව ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මහේස්ත‍්‍රාත් අධිකරණයට එදින පැමිණ සිටිනු දක්නට ලැබිණි. මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් රජන්ද්‍රා යූ. ජයසූරිය මෙනෙවිය වගඋත්තරකරුට රු ලක්ෂයක ශරීර  ඇප නියම කරමින් ඇල මාර්ගය වසා දැමීමට නියෝග කර තිබේ.
එම නියෝගයේ මෙසේ සදහන් වේ ‘‘මෙම ඇල මාර්ගය දඬුගම් ඔයට සම්බන්ධ බවටත් ප‍්‍රදේශයේ ජනතාවට ජලය සපයන බවටත් අනාවරණය වී ඇත. දැනට විශාල වශයෙන් ඇල මාර්ගගයට අපවිත‍්‍ර ජලය මුසුවී ඇති බවට ද අනාවරණය වී තිබේ. ඒ අනුව මහජන පීඩාවක් හා අන්තරාදායක තත්ත්වයක් ඇතිවී ඇති බැවින් දැනට දණ්ඩ නීති සංග‍්‍රහයේ 98 වන වගන්තිය අනුව අතුරු තහනම් නියෝගයක් ලෙස අදාළ ඇල වෙත අපවිත‍්‍ර ජලය මුදා නොහැරීමට වගඋත්තරකරුට මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් තහනම් නියෝගයක් නිකුත් කරමි.   ’’

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article