spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලනිප ගැන කළකිරි වෙන්නප්පුව ප්‍රා.මන්ත්‍රි එජාපයට …

Must read

සෙරෝන්ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් රටම බලාපොරොත්තු වු දුෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් පක්ෂය බේරා ගැනීමේ වැඩ පිළිවෙල කඩා කප්පල් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියා නොකර නැවතත් දුෂිතයන්ට මැරයන්ට කුඩු මුදලාලිලාට පක්ෂයෙන් නාම යෝජනා දීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට තම දැඩි අප්‍රසාදය පළ කරමින් රටේ බලාපොරොත්තුව ඉටු කිරිමට මෙවර මහා මැතිවරණයෙදි පුත්තලම් දිස්තික්කයෙන් වෙන්නප්පුව ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුලු එක්සත් ජාතික පෙරමුණ දිනවීමට සහය ලබා දෙන බව වෙන්නප්පුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ෂෙරොන් ප්‍රනාන්දු මහතා පවසයි රටේ නව යුගයක් ඇතිකිරිමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමටත් දුෂිතයන්ට වැට බඳිමින් වංචනිකයන්ට තම පක්ෂයෙන් නාමයෝජනා නොදිමට පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙනගිය වැඩපිළිවෙල කඩා කප්පල් කරමින් නැවතත් පක්ෂය දුෂිතයන්ගේ වංචනිකයන්ට ඉඩ ලබා දීමට කුමන්ත්‍රණයක් දියත් කල දුෂිත සංධාන නායකයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඇති වු කළ කිරිම හේතුවෙන් මෙම තීරණය ගත් බව මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවසීය විශේශයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය තුලත් එතනෝල් ජාවාරම් කල කුඩු ව්‍යාපාර කල මැරකම් කල පුද්ගලයන්ට අපේක්ෂකත්වය දීම තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නව යුගයකට ගෙනයාමට තිබු වැඩ පිළිවෙල කඩාකප්පල් කල බවත් මේ හේතුවෙන් පාක්ෂිකයන් විශාල පිරිසක් දැඩි කළකිරිමට පත්වීම හේතුවෙන් පාක්ෂිකයන්ගේ අයිතින් අරක්ෂා කිරිමට තමන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රටේ නව යුගයක් ඇති කිරිමේ වැඩපිළිවෙලත් සමග ඉදිරියටත් කටයුතු කරන බවත් පුත්තලම් දිස්ත්රික්කයේත් වෙන්නප්පුව ආසනයේත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදි සැබැ යහපාලන යුගයක් ඇති කිරිමට කැපවනව බව ෂෙරොන් ප්‍රනාන්දු මන්ත්‍රි වරයා පැවසීය
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article