spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවට ලංවූ පොලීසිය

Must read

Sri Lanka, Community-Oriented Policing
විවිධ හේතු නිසා ජනතාවගෙන් දුරස්වී යන ශ්‍රී ලංකා පොලීසිය ජනතාව වෙත ලං කර ගැනීම හා පොලීසියෙන් ඉටුවන නිහඩ සේවාව පිළිබදව ප්‍රශංසනාත්මකව කථා කිරීම අප සැමගේ යුතුකමක් වේ.
මේ සම්බන්ධයෙන් එක් උදාහරණයක් පමණක් ඉදිරිපත් කරන්නේ  නම් ඒ  දිවුලපිටිය පොලිස් ස්ථානයයි.
ප්‍රදේශය පුරා පැවති නීති විරෝධී මත්පැන්, සොරකම් හා විවිධ අපරාධ වල මේ වන විට අඩුචක් දක්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජේවික්‍රම මහතා අදහස් දක්වමින් විවිධ අංශ හරහා කෙරෙන චීමර්ශනයන් නිසා මෙවැනි නීති විරෝධී මත්පැන් සොරකම් හා විවිධ අපරාධ ක්‍රියා අඩුවීමක් දක්නට ඇති බව ප්‍රකාශ කර සිටී. එම අංශ නම් සුළු පැමිණිලි අංශය, රථ වාහන අංශය, දූෂණ මර්ධන අංශය,ළමා හා කාන්තා කාර්යාංශය,පරිසර අංශය යන අංශ වේ.
දිනපතා කෙරෙන විමර්ශනයන් නිසා සුළු  පැමිණිලිවල විශාල අඩුවක් ඇති බවත් රථ වාහන අංශය මගින් පසුගිය මාස 06 තුල රු ලක්‍ෂ 17කට අධික ප්‍රමාණයක් රජයට උපයා දී ඇති බවත් ප්‍රකාශකර සිටී.
මෙයට එක් ප්‍රධානතම හේතුවක් වන්නෛ් දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ මහජනතාවට වඩාත් ලංවී සුහදශීලීව කටයුතු කරන ස්වාභාවයයි.
ප්‍රදේශය පුරා නීති ආරක්‍ෂාව සැපයීම සදහා ප්‍රමාණවත් නිලධාරීන් ප්‍රමාණයක් නොමැතිකම මෙම කාර්යයන් සදහා ප්‍රධානතම ගැටලුවක්  වී ඇති බව ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.
දිවුලපටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අංශ අතරින් ඉතා වැදගත් සේවාවන් රැසක් ඉටු කරයි.
මෙම අංශයේ ස්ථානාධිපතිනී, (4347) චමිලා මහත්මිය අදහස් දක්වමින් ස්ත්‍රී දූෂණවල (වයස16 ට අඩු) යම් වැඩිවීමක් දක්නට ලැඛෙන බවත් මේසම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග ලෙස 01පාසැල් මට්මින් ගුරුවරු හා ළමයින් දැනුවත් කිරීම
02 ගම් මට්ටමින් විවිධ සමිති / ආයතන හා සංවිධාන දැනුවත් කිරීම
03 ආරක්‍ෂක කමිටු දැනුවත් කිරීම
04 මාධ්‍ය දැනුවත් කිරීම ආදිය සිදු කරන බව ප්‍රකාශ කර සිටී

සමාජයේ පවතින දූෂණ වංචා සොරකම් හා ස්ත්‍රී දූෂණ ආදී විවිධ අපරාධ සමාජයෙන් තුරන් කිරීම සදහා මහ ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු 06ක් පොලීසිය විසින් හදුන්වා දී ඇත. එම කරුණු 06 අනුව තම ජීවිතය සකස් කර ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී.
එම කරුණු 06 නම්
01ආණඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය ආරක්‍ෂා කොට අනුගමනය කිරීම
02ජාතික අභිවෘධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම
03තමා විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි හෘද සාක්‍ෂියට එකඟව නොපිරිහෙලා වැඩ කිරීම
04පොදු දේපල සුරක්‍ෂිත කොට ආරක්ෂා කිරීමද පොදු දේපල අයතා පරිදි ප්‍රයෝජනයට ගැනීමට හා නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීම
05සෙසු අයගේ අයිතිවාසිකම් හා තුන් වැදෑරුම් නිදහසට ගරු කිරීම
06 ස්වාභාව ධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම යන කරුණූ 06 වේ.

මෙවැනි නිහඩ සේවාවක් ඉටු කරන පොලිස් නිලධාරීන් නිසි ඇගයීමකට ලක්විය යතු කාලය දැන් එලඹ ඇත. එවිට ජනතාවගෙන් දුරස් වී යන පොලීසිය ජනතාව වෙත නැවත ලං වීම හා ජනතාවගේ ආදරයට පාත්‍ර වීම ඉතා කෙටි කලෙකින් සිදුවන බව නොඅනුමානය.
ආධුනික මාධ්‍යවේදියෙකු වූ මාහට මෙම අවස්ථාව ලබා දුන් දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජේවික්‍රම මහතාට, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධි උප පොලිස් පරීක්‍ෂක පුන්‍යසේන මහතාට, පරිසර අංශයේ පොලිස් සැරයන් බණ්ඩාර මහතාට, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී  චමිලා මහත්මියට හා 4872 සාගරිකා මහත්මියට මාගේ හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

උපුල් ඉන්ද්‍රජිත් 
පල්ලියපිටිය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article