spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදර්ශණි මහින්ද පිළට ….?

Must read

sudarshani“ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකරන ලද විශේෂ ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  කියා සිටී බව ලංකාඩේලි වෙබ් අඩවිය පවසා සිටියි.
ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය දරමින් එළඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිව සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මෙන්ම සන්ධානය මහමැතිවරණයෙන් පරාජය වන බවට ඉඟි කිරීම ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් බව ඇය සඳහන් කර ඇතැයි එම වෙබ් අඩවිය තවදුරටත් සදහන් කරයි.
මෙම ඉල්ලා අස්විම ගැන මීගමුව හා අවට  සිටින දේශපාලනික උනන්දුවක් සහිත අය කියා සිටින්නේ මෙම ඉල්ලා අස්විමත් සමගින් සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රිලනිප පිල් බෙදිම හමුවේ මහින්ද පිළ තෝරා ගෙන ඇති බවයි.
සුදර්ශණි ඇතුළු මෛත්‍රි පිලේ අය පරාජය කළ යුතුයි යන මෙහෙයුමක් මහඇමති ප්‍රසන්න රණතුංගගේ මූලිකත්වයෙන්  ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වෙමින් පවතින යථාර්ථය හමුවේ එය බියවි ගනු ලැබු තින්දුවක් විය හැකි බව තතු දන්නෝ පවසති..
අප මීට කලින් සදහන් කළ පරිදි සරත් සහ ලංසා සියළු කෝන්තර පසෙක ලා හාද වන්නේ සුදර්ශණිලා පරාජය කරමින් ගම්පහ තුල මහින්දවාදින් දිනවිම සදහාය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article