spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශාන්තිකුමාර්ගේ වක්තෘවරයාණෝ පොත දොරට වැඩුම…

Must read

ඊයේ , දෙසැම්බර් 20 දා, සවස , මරදාන CSR ශාලාවේ විශේෂ පිරිසකගේ හමුවක් පැවත්විනි.. ඊට සහභාගි වෙන්නට ලැබීම කරුණු කීපයක් නිසාම මහත් භාග්‍යයක් ලෙස සලකමි.

ආචාර්ය ශාන්තිකුමාර් විසින් ඛලීල් ජිබ්‍රාන් ගේ කෘති අතුරින් මහත්ම අගැයීමකට ලක්වන
The prophet කෘතියේ නව සිංහල පරිවර්තනයක් වක්තෘවරයාණෝ නමින් රසික සමාජය වෙත දොරට වැඩුම මේ සිද්ධියයි.
මෙවර එය සිංහලට නැගී ඇත්තේ ඉංග්‍රීසි පරිවර්තන මුල් කොටගෙනයි. එයට , මුල් කෘතියේ බහා ඇති ජිබ්‍රාන්ගේ ඇඳීම්( drawings ) සියල්ල ද එකතු කොට ඇත.

මේ අවස්ථාව විශේෂ වීමට එක් හේතුවක් නම් මෙම කෘතිය ප්‍රංශ බසින් මීට පෙර මුනිවරයා නමින් සිංහලට නැගූ පැරිසියේ වෙසෙන මණ්ඩාවල පඤ්ඤාවංස තෙරුන් ද ඇරයුමක් ලැබ මේ අවස්ථාවට සහභාගි වීමයි. උන්වහන්සේ හමුවීමට උනන්දුවෙන් සිටි මට ඔවුන් හමුවීම මහත් සතුටක් ගෙනාවේය. තෙරුන් වහන්සේ මෙහිදී ජිබ්‍රාන් පිළිබඳ සිය අතිමහත් උනන්දුව ගැනද සඳහන් කරමින් අනගි දෙසුමක් කළහ.

මෙහිදී මුඛ්‍ය දේශනය කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය ආචාර්ය සමන් පුෂ්පකුමාර විසිනි. එය දාර්ශනික පර්‍යාලෝකයකින් ගත්කළ විෂය කරුණින් පිරුණු හොඳ කතාවක් ලෙස සැලකිය හැකිය.
සේවාවර්ජිත මහචාර්ය අසංග තිලකරත්න විසින් මෙම කෘතියට පෙරවදනක් සපයා ඇත. ඔවුන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

විද්වතුන් හා කලාකරුවන් විශේෂ පිරිසකගෙන් සැදි මිතුරු මණ්ඩපය සම්මන්ත්‍රණයේ කටයුතු අවසන් වීමෙන් පසුවත් පොහොසත් සතුටු සාමිචියකට අවකාශයක් ලබාදුන්නේය.

වක්තෘවරයාණෝ ගොඩගේ ප්‍රකාශනයකි.


(සුනිල් විජේසිරිවර්ධනගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article