spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශාන්ත ආනා සිසුවිය මිය ගියේ බස් රථයේ රියදුරා ගැසු බ්රේක් පහරින් ඇති වූ කම්පනය නිසාද ?

Must read

පසුගිය ජුනි මස 20 වැනිදා පාසල නිම වී පෞද්ගලික බස් රථයකින්  ආපසු මීගමු නගරයට පැමිනෙමින් සිටියදී හදිසි මරණයකට ලක් වූ කටාන කඳවල , ප‍්‍රනාන්දු මාවතේ අංක 443/04 දරණ නිවසේ පදිංචිව සිටි  ඈන් මෙතුශලා නතාලි පීරිස් සිසුවියගේ මරණ පරීක්ෂන වාර්තාව පසුගිය ජුනි මස 21 වැනි අඟහරුවාදා දින නිකුත් කරන ලදී.

මිය යන විට 17 වැනි වියේ පසු වූ ඇය කුරණ ශාන්ත ආනා විද්‍යාලයේ වානිජ අංශයේ 2013 උසස් පෙල විභාගයට ඉගෙනුම ලබමින් සිටියාය. ඇය කලකට ඉහත හෘද රෝගී තත්වයකට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන ඇති අතර වෛද්‍යවරුන් පවසා තිබුනේ ඇය ලබා ගත් ප‍්‍රතිකාර නිසා ඒ වන විට ඇයගේ රෝගී තත්වය සම්පුර්ණයෙන්ම සුව වී ඇති බවයි.

එදින පාසල නිම වී කුරණ ප‍්‍රදේශයෙන් ඇය කොළඹ-මීගමුව අංක 240 මාර්ගයේ පෞද්ගලික බස් රථයකට ගොඩ වී ටික වේලාවකදී බස් රථයේ රියදුරු විසින් ගැසූ බ්රේක් පහරකට ඇය බසය තුලම ඇද වැටී තිබීනි. පසුව මීගමු රෝහලට ඇතුලත් කල ඇයව පරීක්ෂා කල බෑලූ වෛද්‍යවරුන් පවසා තිබුනේ ඇය ඒ වන විටත් මිය ගොස් ඇති බවයි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අංශයෙන් නිකුත් කරන ලද මරණ පරීක්ෂන වාර්තාව අනුව ඇයගේ පෙර හෘද රෝගී තත්වය ඇගේ මරණයට හේතුවක් වී නොමැත. එහෙත් කිසිවෙකුත් ( ඇගේ දෙමව්පියන් සහ වෛද්‍යවරුන් පවා ) නොදැනුවත්ව වෙනත් අසාමාන්‍ය තත්වයක් ඇගේ ශරීරය තුල නිර්මාණය වී තිබේ. එනම් ඇගේ ශරීරයේ රුධීරය ප‍්‍රවාහනය කෙරෙන නාලයක කපාඨයක් ඝන වී තිබීමයි. එම තත්වය මත නාලයේ සිදුර කුඩා වීම සිදු වී තිබේ. එහිදි හදවතට රුධීර ගමනාගමනය නිසි ලෙස සිදුනොවීමේ තත්වයක් මත මෙම මරණය සිදු වී තිබෙන බව එම පරීක්ෂන වාර්තාවේ සඳදහන් වේ. මෙවැනි තත්වයක් ඇති අයට වැඩි සතුට සහ වැඩි දුකක් දරාගත නොහැකි බවත් එවන් තත්වයකදී ඇති වන කම්පනයක් තුල හදවතට රුධීර ගමනාගමනය නිසි ලෙස සිදුනොවීමෙන් හදිසි මරණයකට ලක් වීමට පවා ඉඩ ඇති බවද මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරු පවසා තිබිනි. මේ නිසා එදින මෙම සිසුවිය බස් රථයේ සිටින විට එම බස්රථ රියදුරා ගැසු බ්රේක් පහර නිසා ඇති වූ හදිසි කම්පනය මත මෙම මරණය සිදු වීමට ඉඩකඩක් ඇති බවද මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරු මිය ගිය සිසුවයගේ ඥාතීන්ට පවසා තිබිණි.

P1080530 new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article