spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරක ඇමතිගේ කප්පම් චෝදනා නඩුව දෙසැම්බර් වලට කල් යයි!

Must read

FB_IMG_1574771801952ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කල වත්මන් ආණ්ඩුවේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව දෙසැම්බර් මස 18 වනදා දක්වා යලිත් කල්යයි.

මෙම නඩුව ඊයේ (25) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස නම් කර සිටි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ශ්‍යාමලී ධම්මිකා මහත්මිය ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.

වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබුවේය.

විත්තිකාර රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මුදල් ඉල්ලා තර්ජනාත්මකව බැන වැදුණු අවස්ථා තම ටැබ් පරිගණකයේ පටිගත කැර සී.ඩී.පටවලට පිටපත් කැර පොලිසියට ලබාදුන් බව ව්‍යාපාරික ජෙහාඩ් මෙන්ඩිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් මීට පෙර ප්‍රකාශ කරන ලදි සී.ඩී. පටවල මුල්පිටපත් පොලිසියට ලබාදුන් තමන් තවත් පිටපත් හතරක් ආරක්ෂාව සඳහා වෙනත් පුද්ගලයන් සතු කළ බවත් ඔහු පැවැසීය.

තමා යටතේ සේවය කළ සේවකයින් තිදෙනාද කිසියම් තර්ජනාත්මක හේතුවක් මත තමන්ට විරුද්ධව සාක්කි දෙන බව පෙනී ගිය හෙයින් එම සේවකයාට නොදන්වා එම විස්තරද ටැබ් පරිගණකයේ පටිගත කළ බව පැවසූ මෙන්ඩිස් මහතා අදාළ සාකච්ඡාව පටිගත කළ බව දන්නේ තමන් බිරිය හා අම්මා පමණක් බවද සාක්කි දෙමින් පැවැසීය.

2015 අප්‍රේල් හා ජූනි මස අතර කාලය තුළදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් අනවසර පදිංචිකරුවන් ඉවත්කර සංවර්ධනය කැර නිරවුල් භුක්තිය ලබාදීමට රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article