spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුපිරි ”වොඩ්කා” සාදයකින් නිමල් ලංසා මැතිවරණ කටයුතු අරඹයි !

Must read

nimal in actionරටම ජයගත් පොහොට්ටුවේ මීගමුව නියෝජිත නිමල් ලංසා  තමන්ට පැවරුණු ආසන දෙකම පරාදකරගත්තද සිය පාර්ලිමේන්තු සිහිනය එසේ පරාජය කරගත නොහැකි නිසා දැන් සිටම මැතිවරණ වැඩකටයුතු වලට බැස ඇති බව සැලය.
මේ මුල පිරිම සිදුව ඇත්තේ පසුගිය දිනක පෙරියමුල්ල ප්‍රදේශයේ පැවැති සුපිරි සාදයකිනි.
ඇති පදමට වොඩ්කා සපිරි මේ සාදයේ  සැර බීම වලට අනුග්‍රහය ලැබි ඇත්තේ පසුගිය වසර ගණනාවක් තිස්සේ අතදිගහැර හම්බකරගැනිමට නිමල් ලංසා විසින් ඉඩ කඩ ලබා දි තිබුණු දෙදෙනෙකුගෙනි.
ඒ අයට මදිපාඩුවට කඩොල් සහිත තවත් ඉඩම් කැබැල්ලක්ද ලැබෙන්නට නියමිත බවට වන කටකතාවක් දැන් මේ වන විට නගර සභාව තුල පැතිර යමින් ඇති බවද කියැවේ.
පසුගිය මැතිවරණයට ලංසා පවුල හා එක්ව කටයුතු කළ 100 කට අධික පිරිසක් මේ සාදයට පැමිණ තිබුණි.
ඉදිරි මහ මැතිවරණයේදි වෙනත් පළාත්වල අයට මනාප හොයන්න මිගමුවට ඒමට ඉඩ නොදෙන අයුරින් කටයුතු කළ යුතු බවද මෙහිදි පැමිණ සිටි අය වෙත දන්වා තිබුණි.
මෙම සාදයට නියෝජ්‍ය නගරාධිපති ෆරිස් සහභාගිවි නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article