spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩා ගඟ කොටසත් හාරමින් , මීගමු කලපුව විනාශ කරනවා , මේක ජාවාරමක්

Must read

IMG-20191126-WA0001IMG-20191126-WA0003

මෙසේ අදහස් දක්වමින් මීගමුව කලපු සංවර්ධනය ගැන යථාර්ථය පැහැදිළි කළේ පිටිපන මීසමේ එක්සත් ධීවර සමීතියේ සභාපති අරුණ මහතාය.Aruna roshantha 1
මීගමු කලපුව සංවර්ධනය කිරීමට රජයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නමුත් ඊට ධීවර ජනතාවගේ අදහස් යෝජනා කිසිවක් නොතකා කටයුතු කිරීම නිසා ප්‍රශ්ණ රාශියක් මතුවී ඇත . අප මේ පිළිබඳව මීට පෙර අවස්ථා ගනනාවකදී ධීවර ජනතාවගේ සහ ධීවර නායකයින්ගේ අදහස් විමසමින් ලිපි කිහිපයක් පල කළෙමු . මේවනවිට මීගමුවේ ලෙල්ලම අසල හාරා අවසන් කර ඇත . දැන් මෙම ව්‍යාපෘතිය කුඩා ගඟ නම්වූ සාරවත් පෝෂක ප්‍රදේශයටත් අතගසා එහි කැනීම් කටයුතු කරගෙන යයි. ඒ ගැන අරුණ මහතා පවසන්නේ මෙවැනි අදහසකි .IMG-20191126-WA0002
“මීට කලින් කැනීම් කටයුතු කරගෙන යන කලපු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කමිටුවක්ද පත්කර තිබුනා . දැන් පාලමෙන් එහා ලෙල්ලම පැත්ත කොටස හාරල සම්පූර්ණයෙන්ම විනාශ විනාශ කරල දැම්ම, ගැඹුරු කෙරුව. ඒක මහ කලපුවටත් වඩා ගැඹුරුයි. කාටවත් බහින්න බෑ ගිලෙනවා. දැන් ධීවරයින්ට රස්සාව කර ගන්න බෑ. ඕන්නං ඔරුවකින් ගිහිල්ල තමයි විසිදැලක් හරි දැලක් හරි දාන්නෙ .
ඒව හැදිල තිබුනේ මාළු බෝවෙන ස්ථාන හැටියට . දැන් මේ පැත්ත කොටසත් ඒ විදිහටම හාරන්න යනවා . අපි විරුද්ධ වුනාට වැඩක් නෑ. දැන් මේ පැත්තත් ඒ විදිහටම විනාශ කරගෙන යනවා . මං දන්නෙ නෑ ඇයි මෙහෙම කරන්නෙ කියල. කෝටි ගානක සල්ලි තියෙනවා ආණ්ඩුවෙන් පාස්කර ගත්තු . ඒ වගේම මේකෙ කෝටි ගානක වැලි තියෙනවා . ඉතින් මේක සම්පූර්ණයෙන්ම ජාවාරමක් විදිහට තමයි මම දකින්නෙ . මේක ජාතික අපරාධයක් , මංකොල්ලයක් මේ කරන්නෙ . වැලි මෙහෙන් එහෙට යනව. අපේ සල්ලි , රටේ ජනතාවගෙ සල්ලි මේ විදිහට නාස්ති කරන්නෙ …. මීගමුවෙ තියෙන සුන්දරම තැනක් මෙතන සංක්‍රමණික පක්ෂීන් , දේශිය පක්ෂීන් ඉතාමත් කැමති තැනක් මෙතන , ඔවුන් අහාර ගන්න ,විවේක ගන්න නිදහසේ හැසිරෙන තැනක්, දැනටමත් මිනිස්සු රැකියාව කරනව ඇවිදගෙන ගිහිල්ල .

හරියට සංවර්ධනය කරනව නම් හොඳ බව පෙන්වා දෙන අරුණ මහතා පවසන්නේ මේ කරන්නෙ සංවර්ධනයක් නොව විනාශයක් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article