spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් පිලේ තවත් තුරුම්පුවක් අහෝසියි ! කරු දිගටම කථානායක !

Must read

karu-jayasuriyaදැනට එජාප තුල මතුව ඇති බල පොරය තුල සජිත් පිළ හැසිරෙන්නේ වලිප්පුව හැදුන කුලප්පුකාරයන් පිරිසක් ලෙසින්ය.
රට හමුවේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් තිබියදි එයට දැන්වත් සාමුහික මුහුණ දෙන්නේ කෙසේදැයි හිතන්නට කිසිදු දේශාපාලනික උවමානාවක් නැති සජිත් පිළේ බහුතරයක් දෙනා දැන් හැසිරෙන්නේ පිස්සනට හැතැම්ම නැති ගානටය.
මේ අතර ඔවුන් කල්පනා කළේ කරු ජයසුරියවත් පාවිච්චි කරමින් රනිල්ට ෂොට් එක දෙන්නටය. වාසු කථානායක වන්නේ නේම නම් රනිල්ට පකයා යැයි ඒ වාචලකම් සියල්ලේ ප්‍රයෝජන ගෙන විපක්ෂ නායකධුරයට ඩැහැ ගන්නටය.
ලග නවන සජිත් පිළ දැන් යළිත් තුරුම්පු අහිමිකරගෙන සිටි.
ඒ  කරූ ජයසූරිය මහතා  ඉදිරියටත්  කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් තිබිමත් නිසාය.

කතානායක ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙදෙනකු කරු ජයසූරිය මහතාට දැනුම් දී ඇතැයි ද පවසා ඇති බව ලංකාදිප වෙබ් අඩවියද සිය පුවතක් මගින් තහවුරු කොට තිබේ.

මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පිහිට වූ ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතාම කටයුතු කරනු ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු කමිටු ආදියෙහි බලධරයා වන්නේද කතානායකවරයාය.

වර්තමාන කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීම පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීමකින් සිදුවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article