spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ස’ගෙන් පොලිස් ඇමතිට ඇමතුමක්! – සරත් ඉල්ලා අස්වෙයිද?

Must read

නිරෝධායනයට ලක්කර සිටින ප්‍රකට නිරුපන ශිල්පිනී පියුමි හංසමාලිගේ ඉල්ලීමකට සංවේදීවීම නිසා මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට හා හාස්‍යය ලක්ව සිටින මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර වෙත පෙරේදා (05) දුරකථන ඇමතුමක් ලබාදී ඇති ජනාධිපතිවරයා, මාධ්‍යවලින් එල්ලවන විවේචන හමුවේ නිහඬව සිටින්නැයි උපදෙස් දී ඇතැයි වාර්තාවේ.   අගමැති මහින්ද රාජපක්ෂ ද පසුගියදා සරත් වීරසේකර අමාත්‍යවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්, පියුමි හංසමාලි ගැන කිසිවක් සඳහන් නොකොට කටපියාගෙන ඉන්නැයි දැඩි ලෙස අවවාද කර තිබිණ.   සරත් වීරසේකර අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු වන නමුත් පියුමි හංසමාලි සිද්ධියේදී, ජනාධිපතිවරයා ඇමතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.     

  ඉල්ලා අස්වෙන කතාව ?    

මේ අතර මාධ්‍ය ඔස්සේ එල්ලවන දැඩි විවේචන හමුවේ බරපතල ලෙස කනස්සල්ලට පත්ව සිටින පොලිස් ඇමතිවරයා, සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුකර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.  

  සරත් වීරසේකර ඇමති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ඇමතිවරයාට ඇමති ධුරයෙන් ඉවත්වන ලෙස මේ දක්වා ජනාධිපතිවරයා කිසියම් ම හෝ ඉඟියක් පළකර නොමැති බවයි.   ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කළහොත් පොලිස් අමාත්‍යධුරයෙන් ඉවත්ව වෙනත් අමාත්‍ය ධුරයක් බාර ගැනීමට ඇමතිවරයා සුදානමින් සිටින බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.  

    සරත්ට දේශපාලනයත් එපා කරවන අභ්‍යන්තර සැලසුමක්…    

මේ අතර lankasara.com වාර්තා කර ඇත්තේ, නිරූපිකාවක්වූ පියුමි හංසමාලි සහ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය ජාලාවල දියත්ව ඇති ආන්දෝලනය නිර්මාණ කිරීම පසුපස කොළඹ දිස්ත්‍රික්කයේ පොහෝට්ටුවේ ඇමතිවරයෙක් සිටින බවයි.   මෙම ඇමතිවරයා කොළඹ ප්‍රධාන ජන බලවේගය ලෙස පෙනී සිටි බවත්, අද්මිරාල් සරත් වීරසේකර කොළඹට තරග කිරීම සම්බන්ධව බරපතලම ගැටලුව තිබුණේ ඔහුට බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.   වෙබ් අඩවි කීපයක් සම්බන්ධ කරගෙන හා සමාජ මධ්‍ය උපයෝගී කරගනිමින් මේ මඩ ව්‍යාපෘතියට උක්ත ඇමතිවරයා සමග පොහොට්ටුවේ තවත් ප්‍රබල දේශපාලන කණ්ඩායමක් ද එක් වී සිටින බවත් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තයෙක් ලෙස වියත්මගෙහි ක්‍රියාකාරිකයෙක් වූ සරත් වීරසේකට දේශපාලනය එපා කරවන මට්ටමටම මේ ව්‍යාපෘතිය දියත් කර ඇති බවත් lankasara.com වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article