spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත්ගේ පරාජය තිත්ත ඇත්ත කථාකළ රංජන්ගේ පිටින් යවයි ?

Must read

Ranjan R 1පසුගිය ජනපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එජාප නායකයන් විසින් අපෙක්ෂකත්වය ලබාදෙන්නේ නම් උඩින්ම දිනන බව කිවේ සජිත් ප්‍රේමදාස වටා පෙළ ගැසි සිටි මැති ඇමැත්තෝය.
එහෙත් පසුගිය ජනපතිමැතිවරණයේදි විශාල ගණන් වලින් සජිත් ප්‍රේමදාස පරාජය ලබා තිබුනේ ද එවන් ලොකු කථා කියා සිටි ඇමතිවරුන්ගේ ආසනයන් තුලය.
යහපාලන ආණ්ඩු පාලනය තුල තමන් පෙනි සිටින ප්‍රතිපත්ති ගැන කෙලින කථා කළ ඇමතිවරු සිටියේ සැබැවින්ම අතලොස්සකි.
බහුතරයාගේ මතයට කිසිදු බියක් නොදක්වා නොපැකිල තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඒ සුලු පිරිස එදා පෙනි සිටියෝය.
රන්ජන් ,මංගල සහ රාජිත මේ අය අතර ඉදිරියෙන්ම සිටි තිදෙනාය.
රන්ජන් රාමනායක හැම විටම තිත්ත ඇත්ත කථා කළේය.
කිසිවෙකුටවත් බියක් නොවේ ඩබල් ගේම් නැතිව ඔහු සත්‍යය වෙනුවෙන් පෙනි සිටියේය.
සැබැවින්ම සජිත් පැරදි ගෝඨාභය දින්නේ බැසිල් රාජපක්ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක ගේම් පැලැන් එක නිසාය.
ඒ තුල සිංහල බෞද්ධ කම අංක එකේ තබාගෙන පොහොට්ටුව වැඩකළේ එ වපසරිය තුලට වෙනත් කිසිවෙකුටවත් එන්නට කිසිදු ඉඩක් නොතබාමය. එය හෙටට ද එසේමය.
හික්ෂුන්ට එරෙහිව සත්‍ය කථාකළ රන්ජන් නාම යෝජනා නොදුන්නා යැයි කියා  කිසිවිටකවත් සිංහල බෞද්ධ ඡන්ද වෙනුවෙන් පොහොට්ටුව හා තරග කරන්නට සජිත් පිළට කිසිසේතම නොහැකිය.
මේ ඇත්ත තේරුම් නොගෙන තමන් අතරේ සිටින කෙලින් කථාකරන අතලොස්සත් අහිමි කරගන්නේ නම් එහෙම හිතන පතන එජාපය දෙවියන්ගේම පිහිටය.
රන්ජන්ට නාමයෝජනා නොදෙන්නේ නම් ඔහු බොහෝ විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්වාධිනව තරඟ කිරිමට ඉඩ ඇත.
දිව දෙකේ කථා නැති දේශපාලකයෙකු ලෙස ඡන්ද දායකන් ඔහුව පිළිගැනිමට සුදානම් වන බවද නියතය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article