සභාපතිගේ උපන්දින පාටිය . .

0
29

 

මීගමුවේ පිහිටා ඇති ධීවර සමුපාකාර සමිතියක සභාපතිගේ උපන් දිනේට පාටි දාන්න අහිංසක සේවකයන්ගෙන් රු1000/= බැගින් අය කර ගෙන ඇත. සමිති ප්‍රධාන කාර්යාලයේ පාටිය දමා ඇත.

දැන් සමිති ප්‍රධාන කාර්යාලය පාටි සඳහාය.

බයිට් හදන්නෙත් ප්‍රධාන කාර්යාලයේදීමය. කකුල් දෙකෙන් එන අධ්‍යක්ෂකවරු , ගෝල බාලයෝ, හිතවතුන් කට්ටියම සූර්වෙලා යන්නේ ගාත් හතරෙන්.

වෙරි මත වැඩි වුනාම ” අයි ලව් යූ ” කියා මොර දෙන ලොක්කෙකුත් ඉන්නවා. මේ ධීවර සමුපාකාර සමිතියේ කිසිම දිනෙක මීට පෙර මේ දේවල් සිදුවී නැහැ.

දැන් සමිතියේ පරිපාලනය ” වන් මෑන් ෂෝ, ඒක පුද්ගල ප්‍රසංගයක් “. දුප්පත් ධීවර ජනතාව වෙනුවෙන් ඇති කරපු ධීවර සමුපාකාර සමිතියකට ගිය කලක්.

දැන් පුද්ගලික රක්ෂාවක් කරනවා කීහිපදෙනෙක්. මේවා ගැන සොයා බැලිය යුතු වගකිව යුත්තෝ නැද්ද ?.

කේ. ඩබ්. පීටර් විල්සන් පෙරේරා

මංකුලිය, මීගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here