spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමඟි ජන බලවේගය සමග එක්වූ තවත් අය එජාපයෙන් නෙරපනවා – රවී කරුණානායක

Must read

ravi-640x400

සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපා හරින බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම නිසි ලෙස චෝදනා විභාග කිරීමෙන් පසු පළමු කණ්ඩායම නෙරපා හැරීම සිදුකළ බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිත හමුවක දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයින් 54 දෙනෙකුගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය (28) තීරණය කළේය.

එම තීරණය ගනු ලැබුවේ අධිකරණවලින් ලබා දුන් තීන්දු පාදක කරගනිමින් බව එම තීන්දුව සම්බන්ධයෙන් ඊයේ  (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ පැමිණිලි අධිකරණවලින් ප්‍රතික්ෂේප වීම තුළ එහි කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව තහවුරු වී ඇති බව එජාප මහ ලේකම්වරයා එහි සඳහන් කර තිබේ.

අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කරමින්, “එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ඇති බව” සමගි ජන බලවේගයේ ඇතැමුන් පවසන්නේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට බව ද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුව, ස්වාධීන අධිකරණ කොමිසම ඇතුලු කොමිෂන් සභා අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බවත් සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ ඩීල් එක යහමින් ඉටු කරමින්, “නීත්‍යනුකූල නොවන පක්ෂ සහ එහි සාමාජිකයන් රැක ගැනීමේ” ආණ්ඩුවේ පදයට නටමින් සිටින බව ද අකිල විරාජ් කාරියවසම් මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර මිගමුවේ එජාප පළාත් පාලන නියෝජිතයන් 13 දෙනෙකු සමඟි බලවේගය සදහා ප්‍රසිද්ධියේ වැඩකරගෙන යමින් සිටින පසුබිමක ඇතැමුන් දවල් මිගෙල් රැ දනියෙල් රඟපෑමකද යෙදෙති.
නිදසුනක් ලෙස සමඟි බලවේගයේ මනෝගනේෂන් වැල්ලිවීදියට කැදවා රැස්විමක් සංවිධානය කරන සජිත් මෝගන් පසුගිය 28 වෙනිදා එජාප අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්විමටද පැමිණ මුලසුන අසුන් වන ඉදගනි.
එමෙන්ම නස්මියාර්ද ඒ රැස්විමට පැමිණ සිටියේය.
කෙසේ වෙතත් පසුගිය කාලය තුල සමඟි බලවේගයට ප්‍රසිද්ධියේ වැඩකළ සැමගේ විස්තර ජායාරුප විඩියෝ වාර්ථාද සමඟින් අදාල පැමිණිලි කිරිම් වලට එක්ව ඇති බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මේ අනුව මිගමුව මහනගර සභාවට අලුත් මුහුණු රැසක් එජාපයෙන් පැමිනිමට නියමිත බවද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article