spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමාජ මාධ්‍යයන් හී ගොදුරක් වූ එංගලන්තයේ විසූ ලංකාවේ ඩිනාල්

Must read

ඩිනාල් ද අල්විස් බ්රිතාන්යයේ ජීවත් වූ අති දක්ෂ ශ්රි ලාංකේය සම්භවයක් සහිත දරුවෙක් උනා. පසුගියදා ඩිනාල් බ්රිතාන්යයේ සියළු මාධ්යයන්ගේ පාහේ අවධානය දිනාගන්න සමත් උනා. ඒත් අවාසනාවට මාධ්ය ඔහු ගැන කතා කරන විට ඔහු ජීවතුන් අතර සිටියේ නෑ. සමාජ මාධ්ය වල තවත් ගොදුරක් වෙමින් ඔහු ඒ වන විටත් ජීවිතය හැරගොස් සැලකිය යුතු කාලයක් වෙනවා. ඩිනාල්ගේ සියදිවිහානි කරගැනීමට අදාළ නඩු කටයුතු පහුගිය දා බ්රිතාන්යය අධිකරණයකදී ආරම්භ වීමත් සමඟ තමයි ඩිනාල්ගේ මරණයට අදාළ සියළු තොරතුරු මාධ්යයට වාර්තා උනේ.
ඩිනාල් ද අල්විස් ක්රොයිඩන්හී විට්ගිෆ්ට් පෞද්ගලික පාසලේ ඉගනුම ලබමින් සිට 16 හැවිරිදි ශිෂ්යයෙක්. ඔහු අධ්යාපනයේදී මෙන්ම ක්රීඩාවේදී ද අති දස්කම් දක්වා තිබූ අතර ඒ වන විටත් පාසලේ පාපන්දු හා රග්බි කණ්ඩායම් නියෝජනය කරමින් සිටියා. ඒ වගේම සාමාන්ය පෙළ විභාගයෙන් ඉහළින්ම ප්රථිපල ලබාගෙන ඉදිරියේදී එංගලන්තයේ කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ ආර්ථික විද්යාව හැදැරීමට බලාපොරොත්තුවෙන් සිටියා.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩිනාල් ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගතකර නිවසට පැමිණ තිබූ අතර ඒ මොහොතේ ඔහුගේ සැලකිය යුතු වෙනසක් ඩිනාල්ගේ මව්පියන් නිරීක්ෂණය කර තිබුනා. “මට තනියම ඉන්න දෙන්න” ඩිනාල් සිය මවට වරෙක ප්රකාශ කර තිබුනා. ඔක්තෝබර් 26 වනදා පවුලේ අය සමඟ රාත්රී ආහාරය ගෙන කාමරයට ගිය ඩිනාල්ගේ ප්රාණය නිරුද්ධ සිරුර ඔක්තෝබර් 27 වනදා සොයාගෙන තිබුනේ අසල ගොඩනැගිල්ලකින් වැටී තිබියෙදී.
පසුගියදා පැවති මරණ පරීක්ෂණයේදී ඩිනාල් සියදිවිහානි කරගෙන ඇති බවට අනාවරණය වූ අතර එයට හේතුව අනාවරණය වීමත් සමඟ බ්රිතාන්යයේ දරුවන් සිටින සියළුම මව්පියන් කැලඹිමට පත් උනා. ඩිනාල්ට නයිජීරියාවේ සිටින නාඳුනන පුද්ගලයෙකුගෙන් පවුම් 100ක කප්පමක් ඉල්ලා ස්නැප් චැට් හරහා පණිවිඩයක් ලැබී තිබූ අතර එසේ නොගෙවන්නේ නම් ඔහු සතුව පවතින ඩිනාල්ගේ නිරුවත් ඡායාරූප දෙකක් සමාජ මාධ්යයන් හී සිටින ඔහුගේ මිතුරන් වෙත යවන බව ඩිනාල්ට කප්පම්කරු තර්ජනය කර තිබුනා. එම ඡයාරූප එක්කෝ ඩිනාල් සිය පෙම්වතියක් වෙත යැවූ ඒවා හෝ තරුණියක් ලෙස සමාජ මාධ්ය වල පෙනී සිටිමින් කප්පම්කරුවන්ම ලබාගත් ඒවා විය හැකියැයි බ්රිතාන්යය පොලිසිය සැක කරනවා.

ඩිනාල් සියදිවි නසා ගැනීමට පෙර සිය මවට හා පියාට තමන් ඔවුන්ට ආදරය කරන බව පවසමින් පණිවිඩයක් තබා තිබූ අතර තම සහෝදරයන් දෙදෙනාට සිය මව්පියන් ආදරයෙන් බලාගන්නා ලෙස ඉල්ලා පණිවිඩයක් එවා තිබුනා. සිය නිරුවත් ඡායාරූප ප්රසිද්ධ වීමෙන් සිදුවන ලැජ්ජාව දරා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස ඩිනාල් සියදිවි නසාගන්ට ඇතැයි සැලකෙනවා.

සමාජ මාධ්යයන් හී ගොදුරක් වූ පළමු හෝ අවසාන පුද්ගලයා ඩිනාල් නෙමෙයි. බ්රිතාන්යයේ පාසල් දරුවන් දිනපතා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් හෝ ස්නැප් චැට් වෙනි සමාජ මාධ්ය වල අපරාධ වලට ගොදුරු වන බව බ්රිතාන්යය පොලිසිය සඳහන් කරනවා. 2023 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සමාජ මාධ්ය අපරාධ වලට ගොදුරු වූ සිදුවීම් ගැන බ්රිතාන්යයේ පැමිණිලි 3382 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි ප්රමාණයක් අවුරුදු 18ට අඩු පුද්ගලයන්ගෙන් වීම විශේෂත්වයක් වේ.

මේ තත්වයන් සලකා බලන විට දරුවන්ගේ අනාගතය ගැන සිතා පමණක්ම මෑතකදී බ්රිතාන්යයට සංක්රමණය වූ ශ්රි ලාංකීය දෙමව්පියන් එංගලන්තයට හෝ යුරෝපයට පැමිණි පමණින් සියළු ප්රශ්න විසඳුනා යැයි සැනසුම් සුසුම් නොහෙලා සිය දරුවන් පිලිබඳව ලංකාවේදී සිදුකලාටත් වඩා දැඩි අවධානයකින් පසුවිය යුතු බව සිතා බැලිය යුතුවේ.වෙනස් පරිසරයක වෙනස් තාක්ෂණයන් සමඟ දෙමාපියන්ට අත පෙවිය නොහැකි මානයේ සිටින දරුවෙකු තවත් ඩිනාල් කෙනෙකු වීම වැලැක්වීම දෙමව්පියන්ගේ වගකීමකි.

(srilankans in UK ෆේස් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article