spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමාජ සේවකයෝද මනුෂයෝය..

Must read

සමාජ සේවකයෝද මනුෂයෝය.. Sudit_Anna_Womens_March_annasudit_1_copy_2
ලෝකේ උතුම් රට කියා පුරසාරම් දොඩන රටක තම ස්වකීය ධනයෙන් හා ශ්‍රමය තුලින් තමන්ගේ මිනිසුන්ට සේවයක් කරන පුද්ගලයාට අවසානයේ අත්වන ඉරණමක මහත..ජනතාව ඔහුගේ /ඇයගේ රීරි මාංශය පාවා උරා ගෙන තම උවමනා ඉටු කර ගැනීමට තරම් කුහක හා අකාරුණික වන්නේ ලාංකිකයන්ටම අව්වෙනික වූ සම්ප්‍රදායක් ලෙසින් වන්නට පුළුවන .. ගමට රටට වැඩක් කරන තුරු හොදය නමුත්………පිරිසකටය. ඔවුනුත් ඇට ලේ මස් නහර හා ප්‍රශ්න ගැටළු ඇති මනුෂ්‍යයෝය…..
සමාජ සේවකයෙක් හට බොහෝ විට අප ගැටළු සදහා මුල් විය හැක්කේ යම් කිසි වපසරියක් තුල පමණක් බව තේරුම් ගන්නට හැක්කේ අල්ප පිරිසකටය ..ජනතාව බොහෝ දෙනෙකුට අවැසි වන්නේ ඔවුන්ගේ එදින් එදා ජීවිතයේ පැන නගින සියලු ප්‍රශ්න සමාජසේවකයෙක් විසින්ම විසදා දීමය ..නමුත් සමාජය සේවකයෙකුගේ ප්‍රශ්න විසදීමට මැදිහත් වනුයේ කවූරුන්ද යන්න අප කල්පනා නොකරනුයේ අප සිත් තුල ඔවුන් පිළිබඳව ඇදී ඇති සැප සම්පතින් පිරි ,කරදර දුක් ගැහැටින් තොර සැප මන්දිර වල සාද පවත්වන ධන කුවේරෙකුගේ කුවේරියකුගේ චිත්ත රූපය නිසාවෙනි..නමුත් යථාර්ථය වනුයේ ඔවුන්ද සාමාන්‍ය මනුෂ්‍යයෙකු මෙන් පවුල් ජීවිතයක් ගත කරමින් පවුල් ජීවිතයේ ගැටලු , ආර්ථික හා සමාජීය ගැටලු සමග පොර බදමින් ජනතාවගේ හා සමාජයේ උන්නතිය වෙනුවෙන් කැපවීමයි.. තවද ඔවුන් සමාජයට යහපත් මෙහෙවරක් ඉටු කිරීමට විදින දුක ගැහැට පෙනේනේ අතේ ඇගිලි ගන්නටත් අඩු පිරිසකට..
ලංකා වැසියාගේ මනස හැදී තිබෙන විදිහ මහා අමුතුය..ජනතාව ඉල්ලන සියල්ල ලබා දෙන පුද්ගලයා දෙවියෙක් දේවාලයක් වන අතර නොදෙන විට ඉන් අනිත් පැත්තට හැරෙනුයේ ඔවුන්ගේ පෙර උදව් පදව් , කැප කිරීම්, හා ඔවුන්ට ට ඇති සීමාවන් නොදකින ලංකවේ ජනතාව ගුණමකුවන් හා කුහකයන්ද වන නිසාය..ලංකාවේ අවංක දේශපාලකයෝ හෝ රට අවංකව සේවය කරන සමාජ සේවකයෝ සිටීද නැද්ද යන ප්‍රශ්න උත්තර දෙන්නට ඔබටම මට අද බැරි වී ඇත්තේ අපි අපිම ඔවුන්ව උපන් ගෙයි මරා දමා ඇති නිසාය හා මරා දමන නිසාය . පහු පහු වනවිට කොහු කොහු වෙනවා යන්න කියමනක් අප ජන වහරේ ඇත.මෙය සමාජසේවකයෙකුගේ මෙන්ම දේශපාලකයෙකුගේද ජීවිතයටද අදාළය. මුල් අවදියේ සමාජ සේවකයෝ බොහො දෙන අවංකය ගුණවත්ය දේශපාලකයෝද බොහෝ දෙන එසේම වන්නෝය. ඔවුන් සමාජයට යහපතක් කරන සැම විටම අප ඔවුන්ට හැකි පමණට වඩා ඔවුන්ගෙන් ලබාගන්නට මහත් ලෙස ගිජුය ,ජනතාව වන අපි මානසික පීඩන පවා ඔවුන් වෙත එල්ල කරමින්ය .ජනතාවය ඉල්ලීම් ඉටු කරන්නට බොහෝ සමාජ සේවකයෝ සහ දේශපාලකයෝ තම දර්ශනයන් පසෙක ලා දනයට හා බලකාමයට ගොදුරුකරවීමට වැරදි කරුවන් වන්නේ ඔවුන්ම පමණක් නොව සමාජ සේවකයකුගේ හෝ දේශපාලකයෙකුගේ සීමාවන් ඉර හදට පාවා නොදෙවෙනි දේ ඉල්ලන ජනතාව හා අනුගාමිකයන්ය. අවසානයේ යහපත් අවංක ඔවුන්වද කුහකයන් බවට පත් කරන අතර කුහකයන් වීමට අකමැති තවත් පුද්ගලයන් කොට්ටාශයක් මුලුගවන්නේ කුහකකමින් හා ගුණමකුකමින් යුත් ජනතාවය.0ca3405447026bf06cfed0db9dc57ffe
සිතන්නට කාලය එලබ ඇත.ආකල්ප වෙනස් කරන්නට කාලය එලබ ඇත ..යහපත් මිනිසුන් රැකගන්නට හා ඔවුන්ව අගයා ඔවුන්ට ශක්තියක් වන්නට කාලය එලබ ඇත. .මේ ක්‍රමය වෙනස් කර යහපත් රටක් බිහිකිරීමට උවමනා අයවලුන් මුළුගැන්වීමට හා කල කිරීමට ඉඩ නොදිය යුතුය. නොමැතිනම් අප රටේ අනාගත නුපන් දරුවා පවා අප කළ අසාධාරණය දොස් තබනු ඇත ..සාප කරනු ඇත ..


මහේෂ් දමින්ත ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article