spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම සහිත රු 430යි ! සම රහිත රු 500යි ! වැඩි මිළට කුකුල් මස් වික්කොත් වැඩ වරදියි !

Must read

stock-photo-stalls-selling-chicken-in-the-market-1088745725පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන වෙළෙඳසල් සොයා ඊයේ (14 වැනිදා) සිට වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා තිබේ.

සම සහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 430කට, සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 500කටද අලෙවි කළ යුතු බව දන්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහෙත් වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 650 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික පැමිණිලි ලැබී ඇතැයි අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.

වැටලීම ආරම්භ කළ ඊයේ (14 වැනිදා) වැඩි මිලට කුකුළු මස් අලෙවි කළ ස්ථාන 13කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article