spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සහන නොදුන්නොත් බේකරි නිෂ්පාදනවල මිළ ඉහලට ..

Must read

රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කර තිබේ

එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම මෙයට හේතුවී ඇති බවයි.
මේ හේතුවෙන් බේකරි කර්මාන්තය ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව වැඩිදුරටත් අවධාරණය කර ඇත..

“පිටරටින් ආනයනය කරන තෙල් වර්ග, මාගරින් වර්ග ඒ සියළුම දේවල් වල මිල ඉහළ ගිහින් තියෙනවා.ලංකාවේ නිෂපාදනය කරන මාගරින්වල මිලත් ඉහළ ගිහින් තියෙනවා.පිටරටින් ගේන මාගරින් ගෙන්නන්න විදියක් නෑ කිසිම කෙනෙකුට.ආනයනික මාගරින් 1kg සඳහා රුපියල් 600 දක්වා බද්ද වැඩිකරලා තියෙනවා .”

ඒ අනුව රජය ඇතුළු සියලුම පාර්ශවයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර තිබෙන නමුත් මේ වන තුරු බදු සහනයක්වත් නොලැබුණු බවත් ඉදිරියේදී යම්කිසි සහනයක් ලැබෙන බවට ඔවුන් බලාපොරොත්තුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article