spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සහන මල්ලෙනුත් ගසා කන්න ගිය මීගමුව නගරාධිපතිට පිටිපන ජනයාගෙන් කුණු බැණුම් ?

Must read

nimal dayanපවතින ඇදිරි නිති තත්වය තුල ජනයාට සහන සපයන්නේ යැයි කියමින් මිගමුව නගරාධිපති වරයා සිය සහෝදරයාගේ දේශපාලන ප්‍රචාරක වැඩපිළිවෙලද ඉදිරියට දමාගෙන මිගමුවේ ප්‍රදේශ කිපයකදි අද සහන බඩු මල්ලකි බෙදා දිමට කටයුතු කර තිබුනි.
අප විසින්ද හෙළිදරව්ව කළ පරිදි එහි ඇතුලත්ව තිබුණු භාණ්ඩවල මුළ වටිනාකම රු 400 ක් තරම්වත් නොවුනද එය ජනයා වෙත අලෙවි කර තිබුනේ රු 500 ක මිළටය.
මෙය දායන් ලංසා පදනම සහ නිමල් පදනම විසින් සංවිධානය කරන බව ශබ්ද විකාශන මගින්ද දැනුම් දෙමින් ක්‍රියාත්මක තිබුණ අතර ඒ සියල්ල සදහා යොදවාගෙන තිබුනේච මහනගර සභාවේ සම්පත්ය.
කෙසේ වෙතත් මේ මගඩිය සහ ගසා කෑම ගැන උරණ වි ඇති පිටිපන ජනයතාව මේ පිළිබදව දැඩි විවේචන එල්ල කර තිබුණ අතර ජනයාගේ මේ විරෝධය ඒ  මොහොතේම නගරාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබුනේ එ  ප්‍රදේශයේම පොහොට්ටු නාගරික මන්ත්‍රිවරියකි.ඇය ද නගරාධිපතිවරයාට දොස් පවරා තිබුනේ රු 400 ක් තරම් වත් වටින්නේ නැති සහන මල්ලක් රු 500 කට ලබාදිම පිළිබදවය.
කෙසේ වෙතත් මේ ජනතා විරෝධය  හමුවේ මේ වන විට ඒ සහන මල්ලට තවත් හාල් මැස්සන ග්‍රැම් 250ක් එක්ව ඇතැයි වාර්තා වේ.
මේ අනුව හාල්මැස්සන් ග්‍රැම් 500 යි,පරිප්පු ග්‍රැම්  500 යි,පිටි කිලෝ 1 යි සහ හාල් කිලෝ 2 කකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article