spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ස්ත්‍රී දූෂකයන්ට අත වනන ගමන් ස්ත්‍රී දූෂණය ගැන වාර්තා ද සපයන Hiru Gossip

Must read

කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක්  සමූහ දූෂණයට ලක් ව පසුව ඝාතනය කර තිබියදී සොයාගත් අතර   සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ගම්මුන්ගෙන් ප්‍රහාරයකට ද ලක්වූ අයුරු මාධ්‍ය මගින් නිරාවරණය කරන ලදී. මෙම පුවත හිරු ගොසිප් වෙබ් අඩවියේ පළකර ඇති අතර එය ඔවුන්ගේ  තවත් ගොසිප් නම් වර්ගීකරණය යටතේද  අමුණා ( ටැග් ) කර තිබේ. Screenshot from 2015-05-19 16:33:16
පසුගිය යුද සමයේද උතුරේ ඕනෑ තරම් ස්ත්‍රී දූෂණ සිදුවූ  අතර දකුණේ බොහෝ මාධ්‍යයන් එවා වාර්තා කලේ අතේ ඇගිලි ප්‍රමාණයටත් අඩු පිරිසකි. ඒවා වාර්තා කර දකුණේ ජනප්‍රිය වන්නට නොහැකි හෙයින්  ද ඒවාට මාර්කට් එකක් නොමැති හෙයින්ද කිසිවෙකු ඒවා ගැන කතා නොකළෝය. දැන් මේ ස්ත්‍රී දූෂණ වාර්තා කරන්නේ එයට ගොදුරු වන ස්ත්‍රීය හෝ එහි ඇති සමාජ ගැටළුව මතුකරන අරමුණින් නොවන අතර එයට අමතු තෙලක් කලවම් කර එයද විකුණා ගැනිමටය.
අනිත් පැත්තෙන් හිරු ගොසිප් වලට නම් කාන්තාවන් දූෂණය වන තරමටම, කාන්තාවන්ට ලිංගික අතවර වන තරමටම හොදය. මන්ද ඔවුන්ගේ හිට්ස් වැඩි කර ගැනීමේ ප්‍රවෘත්ති අතර වැඩිපුරම තිබෙන්නේ සමාජයේ ඇති අසභ්‍ය සිදුවීම් උපුටා දැක්වීම්ය. සත්‍ය සිදුවීමක් නොමැති නම් රග දක්වා එයට අසභ්‍ය යැයි සම්මත මාතෘකා යොදා ඔපාදූප පළකරති. ඒවා නරඹන්නට ද පිරිසක් සැදී පැහැදී සිටින  අතර ඒබැවින් මේ පිළිබදව කිසිම ” අවුලක් ” හෝ හිරිකිතයක් කාටවත් නොමැත.
මා මතුකරන්නේ මෙම සදාචාර විරෝධී  මාධ්‍ය අවභාවිතාව විසින් ස්ත්‍රියට කරන අසාධාරණ්‍ය පිළිබවයි. මෙය ස්ත්‍රියට සිදුකරන විශාල අගරුවක් හා ඔවුන් අනතුරේ දැමීමකි.
ස්ත්‍රියගේ ලිංගිකත්වය පිළිබදව විනෝදකාමී මෙන්ම පාරිභෝජනවාදී ලෙස  වචන හසුරුවමින් ගොසිප් මවන මෙවැනි හිරු ගොසිප් වැනි පිරිස් සමාජය පොළඹවන්නේද ස්ත්‍රිය යනු විනෝදය සපයන ලිංගික  භාන්ඩයක් ලෙස සිතීමටය. එබැවින් මේ සමාජයේ ස්ත්‍රී දූෂණ සිදුවීම ගැනද පුදුම විය යුතු නැත.
ඔවුන්ගේ වෙබ් අඩවි වෙත ගොස් නැරඹහොත් එය මනාවට දැක බලා ගතහැකිය. සමාජයේ සිදුවන කිසිදු ඛේදවාචකයක් ඒ දෙස සානුකම්පිතව බැලීමට හෝ ඒ මගින් හද කම්පනයක් ඇතිවන ආකාරයකට වචන හසුරුවන්නේ නැති මෙම වෙබ් අඩවි ඒවා තවත් තලු මර මර නරඹන ට සිතෙන අකාරයට ඉතාම ප්‍රාථමික ලෙස ඉදිරිපත් කරයි.  අප නම් එවාට කියන්නේ ප්‍රවෘත්ති පළකරමින් පාඨකයින්ගේ යටිබඩ අතගෑම කියායි.
මේ සියලු අශෝබන ඉදිරිපත් කිරීම් වලට අමතරව ඔවුන් මෙම දමිළ තරුණියගේ  ඛේදවාචකය ද සිය ගොසිප් අඩවියේ ප්‍රචාරය කර එය – ” තවත් ගොසිප් ” යන වර්ගීකරණයට ද එක් කර ඇත. මෙය අතිශය ලෙසම මාධ්‍ය සදාචාරයට පටහැනිය. ස්ත්‍රී දූෂණයක් කිසිසේත්ම ගොසිප් යන වර්ගීකරනයෙහි ලා ඇතුළත් කළ නොහැකිය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය අාචාරධර්ම පිළිබදව සොයාබලන වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතුය.

උපුටා ගැනීම හිරු ගොසිප් ෆේස් බුක් අඩවියෙන්
උපුටා ගැනීම හිරු ගොසිප් ෆේස් බුක් අඩවියෙන්

Screenshot from 2015-05-20 16:14:48
සටහන – ජසින්තා නිර්මලී

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article