spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව ප්‍රා.සභාව ගං ඉවුරු වනසයි

Must read

11203125_966499936726073_415565139591872437_n
සංරක්ෂිත ශාඛයක් ඇති හා සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගිංඔය ඉවුරු අශ්‍රිතව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ කුණු දැමීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව ජනතාව පවසති ප්‍රදේශයේ පරිසර සංවිධාන හා ජනතාවගේ විරෝධය හේතුවෙන් මෙම කුණු දැමීම පාලනය වි තිබුණත් ඉකුත් දා හොර රහසේ නයිනමඩම ගිංඔය මෝයකට ආසන්නයේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවට අයත් කුණු ට්‍රැක්ටර් දෙකකින් කුණු දමා ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසති මෙම කුණු තොගය ගිංඔය ඉවුරු ආසන්නයේම දමා ගොස් ඇති බවත් නොදිරන අපද්‍රව්‍ය හා ප්ලාස්ටික් වැනි දේවල් ගංගා ජලයට මුසුවීම හේතුවෙන් සංරක්ෂිත ගිංපොල් ශාඛයට මෙන්ම මත්ෂ්‍ය සම්පතට මහත් හානියක් බව පරිසරවේදීන් පෙන්වා දෙති මෙම කුණු තොගය දමා යාම සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභා බළධාරින් දැනුවත් කලත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසින් පවසති.
මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය මෙම කරුණ ගැන මම දන්නේ නැ අපේ සභාවෙන් දැන් විධිමත් විදියට කුණු බැහැර කිරිම සිදු කරනවා අපි ගිංඔය ආසන්නයේ කුණු දාන්නේම නැ මම සොයා බලන්නම් මේ ස්ථානයේ ඇයි කුණු බැහැර කර තිබෙන්නේ කියලා, ”  සමහරවිට කුණු ට්‍රැක්ටර් රියදුරන්ට වැරදීමකින් මේ කුණු බැහැර කිරිම සිදු කර තිබෙනවාද දන්නේ නැ.”

සටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article