spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”ස්මාට්” සූරා කෑමක්…..

Must read

ftzෂ්මාට් ආයතනය ඉතාමත් නිර්ලජ්ජී ලෙස රටේ පවත්නා නීති රීති කිසිවක් සැලකිල්ලට නොගනිමින් තම සේවකයන්ගෙන් පලිගැනීමට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම මාර්තු මාසයේ ආරම්භ වූ කොරෝනා වසංගත අවස්ථාව භාවිතා කරමින් තම සේවකයන් දොට්ට දමමින්, ඔවුන්ගේ වැටුප් කප්පාදු කරමින් සේවකයන්ට ආයතනය එපා කරවන තැනකට කටයුතු කරමින් සිටී.

සමාගම තම සේවකයන් වන්දි නොදී ඉවත් කිරීම සඳහා කම්කරු කොමසාරිස්ගෙන් අවසර ඉල්ලා සිටිය අතර ඊට අවසර නොලැබුන තැන ඔවුන් කළේ මාස 6 ට අඩුවෙන් සේවා කාලයක් ඇති සියළු දෙනාම පාහේ ඉවත් කිරීමයි.

ඉන් නොනැවතුන ඔවුන් සේවකයන්ට ඉල්ලා අස්වන ලෙස පොළඹවමින් ලිපි ලබා ගෙන සොච්චම් වන්දියක් දී ඔවුන් ඉවත් කළේය. ඇඟළුම් සහ හෝටල් ක්‍ෂෙත‍්‍රවල සමාගම් සඳහා හාම්පුතුන්, වෘත්තීය සමිති සහ කම්කරු ඇමතිවරයා සමග ඇති කරගත් එකඟතාවය අනුව වැඩට නොඑන සේවකයන් සඳහා මාර්තු සහ අපේ‍්‍රල් මාස සඳහා තම සේවකයන්ට සම්පූණ_ වැටුප ලබා දීමට ද මැයි, ජූනි මාසවල වැඩට නොඑන සේවකයන් සඳහා රු. 14500 ක් හෝ මූලික වැටුපෙන් අඩක් යන දෙකින් වැඩි මුදල ලබා දීමටද එකඟ විය. එහෙත් ස්මාට් ෂර්ට් සමාගම අපේ‍්‍රල් මාසය සඳහා ගෙවා ඇත්තේ රු. 10000 ක් පමණි. එපමණක් නොව ඉහත එකඟත්වය අනුව තම සේවකයන් සේවා මුර ක‍්‍රමයකට සියළුම සේවකයන්ට වැඩ ලබාදෙන ලෙස ඇති කරගත් එකඟත්වයද හිතා මතාම කඩා බිඳ දමා ඇත. එමනිසා වැඩට නොපැමිණෙන සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇත.

ස්මාට් ආයතනයට සේවක භීතිකාව හට ගෙන ඇත්තේ අද ඊයේ නොවේ. 2016 දී එහි සේවකයන් වෘත්තීය සමිතියක් පිහිටුවා ගත් අතර පාලකයන් එම සමිතියේ කමිටු සාමාජිකයන් සියල්ලම සේවයෙන් පහ කළේය. සමිතිය සමාගමේ එම ක‍්‍රියාවට විරුද්ධව නඩු දැමූ අතර කම්කරු උසාවියේ දී හා මහාධිකරණයේ දී සමාගම පරාජයට පත් විය. මහාධිකරණයෙන්ද නියෝග ලැබුණේ සමිතියේ සංවිධායකවරයා ද්වේෂ සහගත ලෙස ඉවත් කර ඇති නිසා ඔහුව සේවයට ගන්නා ලෙසයි. මෙම නඩු තීන්දුවට විරුද්ධව සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරියේ දී විභාගයට ගැනීමට නියමිතය.
සමාගමේ මෙම තුච්ඡු ක‍්‍රියා පිළිවෙතට එරෙහිව ගත හැකි ක‍්‍රියා මාර්ග ගැන සේවකයන් කතා බහ කරමින් පවතී.
(උපුටා ගැනිම මුහුණු පොතෙනි )ftz3

මේ අතර නිදහස් වෙළද කලාප කම්කරුවන් සමගින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිණියක වන අශිලා දංදෙණියද සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

අද දින රැකියා ව හා මාසික වේතනය පිළිබඳව smart ස්මාට් සමාගමේ ආයතන පහක සේවකයන් එකතුව පාලකයන් මුණගැසීමට කළ ඉල්ලීමේදී සේවක නියෝජිතයන් පස් දෙනකුගෙන් යුතු කණ්ඩායමකට පමණක් පාලක පක්ෂය මුණ ගැසීමට අවස්ථාව උදා විය .එම සාකච්ඡාවේදී වැටුප පිළිබඳ පාලක පක්ෂය පවසා ඇත්තේ මේ වන විට සේවය කරන අයටත් සේවය නොකරන අයටත් සමාන වැටුප් ගෙවීමට නොහැකි බවත් ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කළ දැනුම් දෙන බවත්ය . එමෙන් ම රැකියාව ලබා දීම පිළිබඳ කිසිදු නිශ්චිත දින වකවානුවක් පිළිබඳ ව දැනුම් දීමට නොහැකි බවත් මාසිකව sms පණිවුඩයක් හරහා පවතින තත්වය වාර්තා කිරීමට එකඟ වෙන්න බවත් ය. බලාපොරොත්තු සුන් වූ සේවකයන් කුමක් කළ යුතු ද යන්න නිශ්චිත අදහසක් නොමැතිව පිවිසුම් දොරටුව අසල බිම ඉඳගෙන සිටින පෙනුනු අතර ඔවුන් පවසා සිටියේ ,නේවාසිකාගාර හිමියන් විසින් හිග කුලිය ඉල්ලා කරදර කරන බැවින් නේවාසිකාගාරයට යෑමට නොහැකි බවත් , ඔවුන් මත යැපෙන පවුලේ සාමාජිකයින්ගේ ආර්ථික ගැටලුවලට විසඳුමක් නොමැති බැවින් නිවෙස් වලට යාමට ද නොහැකි බවයි .

මින් එකක් පැහැදිලිය.කොරෝනා වලට මුවා වි දැවැන්ත කම්කරු කප්පාදුයක් සිදුවන බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article