spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාප්පු සංකිර්ණ විවෘත කිරිමට අවසර දුන්නේ කව්ද ?

Must read

බටහිර පළාතේ සාප්පු සංකීර්ණ හා ඇඟලුම් වෙළඳසැල් විවෘත කිරීමත් සමඟ එසේ නොකිරීමට නියෝග කර තිබියදීත්, COVID-19 පැතිරීමේ අවදානම උග්‍ර විය හැකි බව බටහිර පළාතේ සෞඛ්‍ය සේවා පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් අනතුරු අඟවා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන ඇඟලුම් වෙළඳසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස පළාත් වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන බව ඇය පවසා තිබුණි.

. “එවැනි ව්‍යාපාරික ආයතනවලට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් මෑතකදී නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව සාප්පු සංකීර්ණ සහ ඇඟලුම් වෙළඳසැල් වසා තිබිය යුතුය.

මේ අතර මිගමුවේ පවා පසුගිය දිනවල නිමි ඇදුම් කඩ කිපයක්ම විවෘත කර ඇති බව දක්නට ලැබුණි.
ඒ සදහා අවසර දුන්නේ කව්ද යන්න සැබැවින්ම ගැටළුවකි.

කෙසේ වෙතත් මිගමුවේ සිටින ඇතැම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුවන් මුදලට ගිජු කම් දක්වමින් නිරෝධායන නිති පවා නොතකා හරිමින් කටයුතු කරන්නට සල්ලිකාරයන්ට ඉඩ ලබාදි තිබුණු ආකාරය ගැන පසුගිය කාලය තුලද විවේචන රැසක් මතුව තිබුණි.
මේ අතැම් නිළධාරින් මේ වන විට මේ ආකාරයෙන් අයථා ලෙසින් උපයා ගත් මුදල් වලින් දැවැන්ත මාළිඟාවග් වැනි නිවෙස් තනා ඇති බවට චෝදනා තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article