spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Business සාමාන්‍ය ජනතාවගේ ණය සඳහාත් සහන දෙන්න : මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි !

සාමාන්‍ය ජනතාවගේ ණය සඳහාත් සහන දෙන්න : මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි !

0
118
Loans-2-final-770x433පවතින අයහපත් ‍‍සෞඛ්‍යමය වාතාවරණය මත සාමාන්‍ය ණය හිමියන් වෙත යම් සහනයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කේන්ද්‍රය නිවේදනයක් නිකුත්කරමින්  අවධාරණය කරයි.එහිදී ශ්‍රී ලංකා  මානව හිමිකම් කේන්ද්‍රයේ   විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ  සඳහන් කරන්නේ පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතමින් ව්‍යාපාරික ණය අයකරගැනීම මාස 6කට අත්හිටවූ බවයි.නමුත් සාමාන්‍ය ජනතාව ලබාගෙන තිබෙන නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය සඳහා ද යම් සහනයක් හිමිවිය යුතු බව ඇය පෙන්වා දෙයි.

මාස 06ක තරම් කාල සීමාවක් නොවුනද අවම වශයෙන් මාස තුනක කාලයක් වත් මෙම අනිකුත් ණය සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය අවධාරණය කරයි.

පවතින වාතාවරණය නිසා බෙහෝ අදායම් මාර්ග බිඳ වැටීම නිසා මේ වනවිට ජනතාව අසීරුතාවකට පත්ව සිටියි. බස් රථ, ලොරි රථ, ත්‍රි රෝද රථ සහ අනිකුත් කුලි රථ වලින් ලබන ආදායම මේ වනවිට අවහිර වී ඇති බව පෙන්වා දෙන සුරංගි ආරියවංශ ඉල්ලා සිටින්නේ අදාල ලිසිං පහසුකම් සඳහා යම් සහන කාලයක් හිමිවිය යුතු බවයි.

එමෙන්ම දෛනික ආදායම් ලබන වඩු කර්මාන්තය, මේසන් වැඩ, කම්කරු, රියදුරු වැනි වෘත්තින්වල නිරත බොහෝ පිරිසක් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වලින් ණය ලබාගෙන සිටින බවත් එම ණය සඳහා ද යම් සහන කාලයක් හිමිවිය යුතු බවත් ඇය සඳහන් කරයි.ඉදිරි සතියක කාලය තුළ නිවෙස්වල සිට සේවය කිරීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුළුමනින්ම ගමනාගමන, හෝටල්, ආපන ශාලා, ආදී සියලු අංශවල නිරත වූවන් දැඩි අසීරුතාවකට ලක්ව සිටිති.

රජය විසින් ප්‍රකාශයට පත් කල ව්‍යාපාරික ණය සහනයෙන් එම ව්‍යාපාරිකයාට යම් සහනයක් ලැබුණද එම ව්‍යාපාරවල සේවයේ නිරත අය ලබාගෙන ඇති පුද්ගලික ණය, ක්ෂුද්‍ර මුල්‍ය ආදී අනිකුත් ණය වාරික ගෙවා දැමීම දැඩි අර්බුදයක් ව පවතී. අලෙවි ආදී අංශ වල සේවයේ නිරත වූවන්ට අවම වූ මූලික වැටුපක් සහ ඔවුන් අලෙවි කරන ප්‍රමාණයට සරිලන කොමිස් මුදලක් ලැබෙයි.

නමුත් පවතින අර්බුදකාරී වටපිටාව තුළ අත්‍යවශ්‍ය ආහාර ආදියෙහි හැර සෑම ක්ෂේත්‍රයකම අලෙවිය පහත වැටී තිබේ.

මේ නිසා එවැනි ක්ෂේත්‍රවල සේවයේ නිරත වූවන් පවා සිය ණයකාඩ්පත් පියවීම සහ අනිකුත් ණය  වාරික ගෙවා දැමීම හමුවේ අසරණව සිටින බව ආරියවංශ මහත්මිය කියයි.

මේ හේතුවෙන් නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය වාරික ආදී අනිකුත් ණය සඳහා අවම වශයෙන් මාස 3ක වත් සහනයක් ලබා දීමට සුදුසු වැඩපිලිවෙළක් රජය විසින් සැකසිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව අවධාරණය කර සිටියි.