spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිනමා දිවියේ අඩසියවසක් පසුකළ ඇන්ටන් ග්‍රෙගරි ……

Must read

anton gregory
හෙළ සිනමාවේ තිරය පිටුපස සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට ප්‍රවිෂ්ඨ වී විත්‍රපට 46 කට දායකවෙමින් වාර්තාවක් තැබූ ඇන්ටන් ග්‍රෙගරි මහතා මේ වන විට තම සැදෑ සමය ගෙවමින් සිටි.
    1964 ජුනි මස 04 දින සිනමාවට ප්‍රවිෂ්ඨ වූ ඇන්ටන් ග්‍රෙගරි මහතා අඩසියවසකට ආසන්න කාලයක් සිනමාවේ රැදී සිටියේය. භාෂා තුනෙන්ම  කතා කිරීමටමෙන්ම  ලිවීමට ඇති හැකියාව නිසා ඔහු තම ක්ෂේත්‍රයේ ඉහලින් ඉහලටම ගියේය.
චිත්‍රපටි ක්ෂේත්‍රයේ අද ජිවතුන් අතර නොසිටින හා ජිවත්ව සිටින  ප්‍රවීණයන් බොහෝමයක් සමඟ කටයුතු කළ මොහු ඉතාමත් නිහතමානී චරිතයකි.
තම පළමු ගුරුවරයා වූ එම්.මස්තාන් මහතා හට ඇති ගෞරවය ඔහු අදත් සිහිපත් කරන්නේ භක්තියෙනි.
තම සිනමා දිවියේ දී සහය අධ්‍යක්ෂණයෙන්  චිත්‍රපටි 46 කට හා  සම අධ්‍යක්ෂණයෙන්   චිත්‍රපට 02කට ඔහු දායකවී තිබේ. එමෙන්ම  දෙවන කාණ්ඩ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 01 හා කාර්මීක අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද්වීත්වයකත් සංස්කරණය කළ චිත්‍රපට 03ක් හා තිර රචනයෙන් චිත්‍රපට 11කට ද අධ්‍යක්ෂණයෙන්   චිත්‍රපට 05 කට දායක වී ඇත.
මීට දශක කිහිපයකට පෙර ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපටියක් වූ පයිලට් චිත්‍රපටියටද දායක වීමට ග්‍රේගරි මහතාට අවස්ථාව හිමිවිය.
 හෙලයේ මහා ගීත කෝකිලාව වූ රුක්මනී දේවී මහත්මිය සමගට සමීපව කටයුතු කළ මහතා ඇයගේ හදිසි වියෝවට ප්‍රථම දිනයේදීද මතකයක් ඉතිරි කළේ ඇය ගායනා කිරීමට තිබූ ගීතය රචනය කරගත්තේද ග්‍රේගරි මහතාට කියාය. ඇනටන් ග්‍රෙගරි මහතා අවසානයට සහය අධ්‍යක්ෂණය කලේ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ  ‘හතර දෙනාම සූරයෝ ‘ චිත්‍රපටියයි.   ඇනටන් ග්‍රෙගරි මහතා මේ වන විට තම බිරිද හා දරුවන් මුනුබුරු මිනිබිරියන් සමග තම සැදෑ සමයගතකරමින් නො. 3/3 ආවේ මරියා  පාර  මීගමුව යන ලිපිනය දරන තම නිවසේ සිටියි.
ඒ මහතා සමග අප කළ කතාබහක් පහතින් දැක්වේ.

antong 1anton g2anton g3anton g4anton g8antong 9anton g 5.
ඩිල්ෂාන් තිසේරා
10979415_863949186961007_1891462900_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article