spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිරිගම්පල මහා පරිමාණ බූරු පොලක් වටලයි.

Must read

ලුණුවිල සිරිගම්පළ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මහ පරිමාණ බූරු පොලක් වටලා පුද්ගලයන් 10 ක් සමග එම ස්ථානයේ තිබු මුදල් තොගයක් ඊයේ 25 සවස සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදි 17 ත් 25 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසකි. මෙම අත් අඩංගුවට ගත් පිරීස අතර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකුද සිටින බව පොලිසිය කීය. පොලිස් ඇසින් බේරිමට මෙම පිරිස පැමිණි යතුරුපැදි හා වෙනත් වාහන වෙනත් ස්ථානයක නවතා මෙම බූරු පොල පවත්වාගෙන ගිය ස්ථානයට පැමිණ ඇති බවත් එම වැටලීම සිදුවන අවස්ථාවේ නිවසින් සැකකරුවන් පැන යාමට උත්සහ කලත් පොලිස් නිළධාරින්ගේ උපායශීලි වැටලීම නිසා එම නීති විරෝධි ජාවාරමට සම්බන්ධව සිටි සියලුම දෙනා අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය. එම ස්ථානයේ තිබු රුපියල් 15000 ක මුදලක්ද බූරු ගැසිමට භාවිතා කල කාඩ් කූට්ටම් කීපයක්ද පොලිසිය සොයාගෙන තිබේ. මෙම බූරු පොල කාලයක සිටම පවත්වාගෙන යන්නක් බවත් ස්ථාන වෙනස් කරමින් සංවිධානත්මකව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය පැවසිය.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක රුක්ෂාන් හා ඊරියගොල්ල සැරයන් 24043 ජයන්ත හා 27758 තිලකසිරි කොස්තාපල් 21935 බන්දුල 68660 ඉන්දික 60568 සනීර 67305රත්නායක යන නිළධාරින් මෙම වැටලීම කර තිබේ.

13507193_1211038505605547_1556015987429460570_n

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article