spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුජිත්ලව මහපාරට ඇදල දාන්න හදපු අයට උගන්නපු සුපිරිම පාඩම ..

Must read

සුජිත් ධිවරයෙක්.දරුවෝ හතර දෙනෙකුගේ තාත්තෙක්.එයාලට කියලම පොඩි ගේ පොඩ්ඩක් තිබුනා මිගමුවේ මෝර වලේ.පෝට් සිටිය හදන්න වැලි මුහුදෙන් වැලි හාරපු නිසා ඒකේ බලපෑමට සුජිත් ගේ පොඩ්ඩත් මුහුදු ඛාදනයට අහුවුනා.වෙරළ සංරක්ෂණයෙන් ඇවිත් කිව්ව අනතුරේ දායක නිසා අයින් වෙන්න කියල ඉඩම් කෑල්ලක් දෙනව කියලත් කිව්වා.

මිගමුව දූවේ මෝර වලේ තිබුන සුජිත්ලාගේ ගේ
වෙරළ සංරක්ෂණණයෙන් දුන්න ලියුම

සුජිත්ලට දරුවොත් අරගෙන යන්න තැනක් තිබුන නැති නිසා කලපුව අයිනේ පොඩි මඩුවක් හදාගෙන ජිවත් වුනා.

කලපුව අයිනේ අටවගත්ත සුජිත්ලගේ මඩුම
ඒ මඩුවත් කඩන තිරිසන් පෙත්සම් පප්පල

කොහොම හරි ගමේ හිටපු පෙත්සම් පප්පල ටිකක් පෙත්සම් ගහල පොලිසියත් ග්‍රාමයවත් අල්ලගෙන සුජිත්ලගේ මේ මඩුව කඩල දානව. ඒ හරියටම අද වගේ දවසක මිට අවුරුදු 3කට කලින්.සුජිත්ගේ.හයියට හිටියේ හදවත් තියෙන ගමේ මිනිසුන් ගැහැනුන් පිරිසකුයි ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදීන් පිරිසකුයි විතරයි.

මේ අය සටන අතහැරියේ නැ.පල්ලියේදි සහෝදර ප්‍රේමය ගැන උදේ හවස දේශනා කරන ස්වාමිටත් සුජිත්ලගේ දුක මඟඇරුනා.

හැබැයි සුජිත් සුවිමාලි සටන අතහැරියේ නෑ.එයාලගේ හයියට කියපු පිරිස හිටිය.

එදා දුවෙ ගමේ හිටපු පෙත්සම් පප්පල සුජිත්ල⁣ගේ මඩුව කඩල පාරට ඇදල දාල අනාථ කරන්න හැදුවත් එයාල පරදිනව.පොලිසියේ හිටපු පක්කලි පොලිස්කාරයකුත් ⁣සුජිත්ලට කරදර කලා.

සුජිත්ලට දෙන්න ඉඩම් නැ කියපු මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයටත් අන්තිමට සිද්ධ වුනා පිටිපන පැත්තෙන් ෂෝක් පොඩ් ඉඩම කෑල්ලක් දෙන්න.

නිවාස ණයත් ලැබුනා.සුජිලටම කියල පොඩ් ගේ පොඩ්ඩක් හැදුනා.

සංගිත්

අද (02) පිටිපන පල්ලියේ මංගල්‍යය .සුජිත්ල ඒ ගෙදර ඉදන් සතුට සමරනව.මේ සටනට අතනෑර අල්ලන් හිටපු මාධ්‍ය සගයන්ට සහ ඒ අයව සම්බන්ධිකරණ කරපු ලොකු හදවතක් තියෙන මිගමුවේ ඉන්න ප්‍රතිපත්තිගරුකම දේශපාලන චරිතය වුන සංගිත් ඇතුලු පිරිසකුත් අද මේ සතුට සමරන්න අද ඒ ගෙදරට එකතු වෙනව.
අපි කරපු අරගලයට ගව් ගානක් දුරින් හිටියත් අපට හයිය දෙන්න ස්විස්ටර්ලන්තයේ ඉදන් අපේ සරත් සහෝදරයා( අපි කිවේවේ දුම්රිය සරත් ) දුන්න දායකත්වය අමතක කරන්නම බෑ .දූව පිටිපනගම් වල ඇතැමුන් සුජිත්ලව පෙලද්දි පිටිපන හැදුන වැඩුන දැන් ලොකු තැනක ඉහල පෙලේ මාධ්‍යවේදියෙකු වෙච්ච තුසිත ඩේලි මිරර් පත්තරේට ලියපු සුජිත්ල ගැන ලිපියත් මේ සටනේ තිරාණාත්මක සන්ධිස්ථානයක්

ඒ තමයි හැබෑ මාධ්‍යකරුවන්ගේ හයිය.

අතකොහැර කරපු අරගලයක ප්‍රතිථල …..
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article