spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදර්ශනී මහින්දගේ රැස්වීම මගහරියි ?

Must read

පසුගියදා රැස්වූ මහින්ද පිළේ රැස්වීම සදහා ගම්පහ ආසනයේ ප්‍රධාන මන්ත්‍රීවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තවත් ප්‍රධානීන් කිහිපදෙනෙකු සහභාගී වූයේ නැත. මෙම රැස්වීම සදහා නිමල් ලාන්සා මහතා සහ සරත් ගුණරත්න යන මහත්වරුන් සහභාගී වී ඇත. මෙහිදී හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මැතිවරණයේදී ගම්පහෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මිනුවන්ගොඩ ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකු යෝජනා කර තිබුණ බව වාර්තා වන අතර මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා නොලැබෙන බව ද මේ වනවිට පෙනී යයි. මෙවැනි තත්ත්වයකදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියද තමන්ට සිදුවන්නේ කුමක්ද යන්න ගැන නිශ්චිත අදහසක් නොමැතිව වැට උඩ ඉන්නා  අයද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකයින් අතර සිටියි.
මහින්ද රාජපක්ෂ වෙනත් පක්ෂයකින් හෝ පැමිණ තරග කළහොත් ඔහුට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉල්ලීමට ඉඩදෙන ලෙස යෝජනාවක් කර තිබේ. මෙවැනි තත්ත්වයකදී ඔහු සමග ඔහුගේම පිළේ සිටියවුන්ට තරග වැදීමට ද සිදුවනු ඇත. කෙසේ වුවත් නි. අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම රැස්වීම වර්ජනය කිරීමෙන් පෙනෙන්නේ ඇය ශ්‍රි.ල.නි.ප යේ මෛත්‍රී පිළට සහය දෙන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article