spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර සභා ශාලාවේ නාට්‍ය බලන්නේ දාඩිය පෙරාගෙන ..?

Must read

පසුගියදා මීගමුව මහනගර ශාලාවේ  පැවති වේදිකා නාට්‍යක් නැරඹීම සදහා ගිය නාට්‍ය ලෝලීන් පිරිසක් මීපුර වෙත වාර්තා කළේ ශාලාවට ඇතුළු වී පැය භාගයකටත් අධික වේලාවක් යනතුරුත් ශාලාවේ  AC නොතිබූ බවයි. නාට්‍ය ආරම්භ වී ටික වේලාවකින්  AC ඔන් කළ ද නැවත නාට්‍යය නිමවීමට පැය භාගයකට පමණ පෙර AC වැසූ බවද ඔවුන් තවදුරටත් පැවසීය. මෙම නාට්‍ය සදහා අදාළ කාල සීමාවට AC සදහා මෙන්ම අනෙක් පහසුකම් සදහා මුදල් ගෙව්වද එහි තවමත් පිරිමි වැසිකිලි පහසුකම් සාදා නොමැති බවද ඔවුන් වාර්තා කර සිටියේය. මීගමුව මහ නගර සභාව නාට්‍යයක් පෙන්වීම සදහා මුදල් අයකරන අතර නගර ශාලාව තුළ  පහසුකම් ලබාදීමට මෙතරම් ප්‍රමාද වීමට හේතුව කුමක්ද කියා වටහා ගත නොහැක. මීගමුව ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු කරන මෙම මහ නගර සභාවේ වැසිකිලියක් සාදා ගැනීමට තරම් පාලකයින්ට නොහැකි වී ඇත්තේ අවශ්‍යතාවය නොමැති නිසාද ?  මුදල් නොමැති නිසාද ? කොමිස් නොමැති නිසා ද? MC-NGB

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article