spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුද්දන්ටත් ලුණු විකිණූ සිරිවර්ධන පෙදෙස් කාන්තාවෝ

Must read

මීගමුව මුන්නක්කරය පසුකර යනවිට සිරිකුරුස පාලම හමුවෙයි. සිරිකුරුස පාලම සීමාවෙන් පසු සිරිවර්ධන පෙදෙස හමුවෙයි.  සිරිවර්ධන පෙදෙස අපේ කථාවට මූලික වන්නේ වෙනස් මිනිස් අත්දැකීම් රැසක් මෙම ගම්මානය තුළ අතීතයේදී ක්‍රියාත්මකයාත්මකවී ඇතිනිසයි..   අප මීටපෙර “ කෑම  රසවත්කරන  මුන්නක්කරයේ  මිරිස් ගුලිය “  යන  තේමාව පදනම්  කරගනිමින්  ලිපියක්   පලකළෙමු.
මෙය ගෘහකර්මාන්තයක් ලෙස අද වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රමුඛතාවය ගත්තේ කාන්තාවන්ය. වසර 100කට පමණ පෙර මෙම ගම්මානයේ ගෘහකර්මාන්තයක් ලෙස ලුණු නිපදවීම සිදුවී ඇත. නමුත් මෙම කර්මාන්තය අදවනවිට අභාවයට ගොස් ඇත. මෙහි විශේෂත්වය වන්නේද මෙම කටයුත්තේ නියැළුනේ කාන්තාවන් වීමයි. ධීවර ගමක් වන හෙයින් ස්වාමිපුරුෂයා මසුන් ඇල්ලීම සඳහා කළපුවට යන අතර කාන්තාවන්ද තම පවුලේ ආර්ථිකය වෙනුවෙන් විවිධ කාර්යයන්හි නිරතවිය.
අප සඳහන් කරන ඉහතකී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියවලියද එවැන්නකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අදවනවිට ජීවත්ව සිටින්නේ කිහිප දෙනෙකු පමණි. අප ඔවුන් සොයා ගැනීමට උත්හාහ කළේ එම අතීත කථාව දැනගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම නිසාය.

මෙසේ   ලුණු  නිපදවීමට  අදාළව   එහි  තිබුණු  පරිසරයද  හේතුවක්  වී  ඇත. කලපුව ආසන්නයේ  කැලෑව ල මඩ  සහිත  පස ල  වඩදිය –  බාදි ය  ඇතිවීම  තුළින්  ලුණු  සහිත  වතුර  කලපු  බිමෙහි නිදහසේ  පෙන  නගමින්  ගලායෑම   ආදී වශයෙන්  අදාළ  කරුණු  සැකසී  තිබින.   වැඩිහිටියන්  මෙම  කර්මාන්තයට  අදාළව  කරන   කටයුතු දෙස  බලාසිට  ඒවා  සඳහා  උදව්  කළ  තම  අතීතය  ගැන  මේරි  මර්සි  අම්මා (අවුරුදු  78 )  අප සමඟ    අදහස්  පළකලේ  මෙසේය.DSCF7943මේ  හරියෙ  වටේටම  කලපුව.  කලපු  වතුර  ඇවිල්ල  පෙන පිපෙනව.  අපේ  අම්මල,  ලොකු අම්මලා  මේ  වතුර පසුත්  එක්ක   තහඩු  කෑල්ලකින්  හූරනව.  ඒව  හූරල  ගොඩ ගහල  තියාගන්නව.  පස්සෙ  ලොකු  කලගෙඩියකට  යටින්  හිලක්  හදල  මටුළු  දාල  වතුර  පෙරෙන  විදිහට  හදනවා.  ඊට පස්සෙ  අර  පසුත්  දාලා  කළපුවේ  වතුර උඩින්  දානවා. යටින්   ඒ වතුර  පෙරාගෙන  ඒව  වෙන  භාජනයකට  අරගෙන  දර දාල   රත්කරල  තමයි  මේ  ලුණු  හදාගන්නේ. මේ  වඩියට  පොල්  චුට්ටකුත්  දානව  සුදුපාට  වෙන්න.
ඒවා විකුණුවේ කාට ද?
මුහුදු රස්සාකාරයෝ ඇම ට සාලයින්ට දාන්න ගෙදරට ඇවිත් අරගෙන යනව. සුද්දන්ටත් දෙනවා. පාරට අරන් ගිහිල්ලා අපි විකුණනව. ඒව විකුණලා හවස 6.00ට විතර තමයි ගෙදර එන්නෙ. අලියපොලේ තමයි විකුණන්නේ.

මේ  පිළිබඳව  තවදුරටත්  කරුණු  දැනගැනීමට   සිරිවර්ධන  පෙදෙසේ ජීවත්වන   මර්සි  සුසිලා  අම්මා ( අවුරුදු77 )   හමුවිය.DSC_0041

ඇය ලුණු  සෑදීමේ  ක්‍රායාවලිය  ඇය  විස්තර  කළේ  මෙසේය.
අපේ   නැන්දලා  තමයි  මේ වැඩේ  කළේ.   කලපුවේ  ඉඳල  එන වඩදිය  වතුරට  පස  තෙත් වෙනව    ඊට  පස්සෙ    හදාගත්ත යකඩ  පටියකින්  හූරල  ගොඩවල්  ගහනව.    ඒකට   කියන්නෙ   ලුණුපස්ගානවා  කියලයි. පස්සෙ  මැස්සක්  හදල   ලොකු  කලයකට   අර  හූරපු  පස්  පුරවනව.
ඒ කලේට  යටින්  හිලක්  හදල  මටුළු  කෑල්ලක්  තියනව  පෙරෙන්න.  උඩින්  තව  කලපු වතුර  දානව.  යටින්  ගස්මුට්ටියක්   තියල  මේ  වතුර  අරගන්නවග  දෙතුන්  පාරක්   පෙරාගත්තට  පස්සෙ   ලොකු  තාච්චියකට  දාල  දර දාල  රත්  කරල තමයි  ලුණු  හදාගන්නෙ.
DSC_0052
අවසන්  වරට  අපට  අදහස්  පළකලේ   සිරිවර්ධන  පෙදෙසේ නිකුලස්   මාමාය. (අවුරුදු  77) ඔහු  අපට  මේ  රස්සාව  කළ  ආකාරය, කළ  ස්ථාන,  මේවා  විකිණීමට  වෙළඳපලට ගෙනයාම  දක්වා   ආදී  දේවල් ඔහු  පැහැදිළි කරන ලදී.

අපි  පොඩි කාලෙ   අපේ  අම්මල   තමයි   මේ  රස්සාව  කරේ. අපිට  හුඟක්   අමාරුනිසා   අපිට  කන්න දෙන්න  විදිහක්   නැතිනිසා   මේව  කරල  තමයි  ඒ කාලෙ  අපි  ජීවත් වුනේ.   එතකොට  මගෙ  වයස  අවුරුදු  13ක්  විතර  ඇති

කොහොමද   මේව  කරේ ?

මේ  වගේ  දවස්වල  කලපු  වතුර   ආවට  පස්සෙ  ඒපස්  අම්මල  හූරල  ගන්නව.  ඒකට  යකඩ  වලින්  පටියක්   හදාගන්නව. ඒකෙ  දෙපැත්තෙන්  අල්ලල   තමයි   පස්  හූරන්නෙ.  හූරපු  පස්  ගොඩවල්  ගහල  තියාගන්නව. මේව  කට ලොකු  ගස් මුට්ටියකට  දාල  යටින්  හිල්  කරල  මටුළු  කෑල්ලක්  තියල  වතුර  පෙරෙන්න  හදනව. ඒ  මුට්ටිය  පොල්පිති  වලින්  හදපු  මැස්සක  තියනව. පෙරෙන  වතුර  ගන්න  යටින්   භාජනයක්  තියනව.  ඒ  භාජනයට  වැටෙන  වතුර  ආයි  සැරයක්  ලොකු  මුට්ටියට   දානව.  එහෙම  තුන්පාරක්  විතර  දාල  පෙරුවට  පස්සෙ  තමයි  ඒ  වතුර  තාච්චියකට  දාල  රත්කරන්නෙ. අපේ  අම්මල  මඩකුණු  කැපෙන්න  කියල පොල්  කෑලි  ටිකකුත්  කපල  ඒකට  දානව. වඩිය රත්වෙන්න  ගොඩක්  දර  ඕන. ඒනිසා  කැලේට  ගිහිල්ල  දර  කපාගෙන  එන්නත්  සෑහෙන්න  මහන්සි  වෙන්න  ඕන.

ඔවුන්  සෑදු  ලුණු   හැදින්වූයේ “ හිඳිලුණු , ලෙසිනි. මේවා  සකස්කළ  ආකාරය,  ඒ සඳහා  භාවිතාකළ  උපකරණ  ආදිය  ගැන  අපට  අවබෝධයක්   නොතිබුනු  නමුත්  ඒපිළිබඳව  මේරි අම්මා ,   මර්සි   අම්මා  සහ  නිකුලස්  මාමා කියන  ලද  කරුණු  චිත්‍රයකට  නඟා ගැනීමෙන්  ඒ පිළිබඳ  යම් අදහසක්  හැකිවිය.

 

????????????????????????????????????

IMG_3770

DSC_0048new3333maxresdefaultමේ  වකවානුවේදීම   එංගලන්තය,  ජර්මනිය  වැනි  රටවල්වලද   සරල  තාක්ෂණික  ක්‍රම  මගින්  ලුණු  නිපදවා  ඇත.ඔවුන්   මේ  සදහා  ක්‍රම  දෙකක්  භාවිතා  කරඇත.  එකක්  වූයේ  සූර්්‍ය  රස්මිය  උපයෝගි  කරගනිමින්  වාෂ්පීකරණයට  ලක්කර   ලුණු  හැදීමේ  ක්‍රමයයි.  දෙවැන්න  රත්කිරීමේ  ක්‍රමයයි.  මේ  සදහා  මුලින්  මැටිභාජන වලට , අදාල  කරදිය  වතුර   දමා  දරවලින්  රත්කරඇත.  පසුව  එම  භාජන  තඹ වලින්  සකස්කරගෙන  ඇත.රෝමන්වරු ද  තඹ  භාජන  භාවිතාකළ බව  සදහන්වේ.  ඉන්පසු  තඹ  වෙනුවට  යකඩ  යොදාගෙන  මෙම  භාජන  නිර්මානය  කරඇත.  රත්කිරීම  සදහා  දර  වෙනුවට  ගල්අගුරුද  පසුව  වාෂ්ප ඇංජිම  සොයාගැණීමත්  සමගින්  මෙම  කර්මාන්තයේ   විශාල  වර්ධනයක්  ඇතිවිය. මුලින්  ලී රේක්ක   යොදාගනිමින්  ලුණු  එකතු කරඇත.  මුලින්  තිබු  මැටි  භාජන  අඩි  3ක්   පළල අඩි   3ක්  දිග සමදතුරශ්‍රාකාර   එකක් විය. පසුව  අඩි  25  පළල  අඩි 35 දිග  අඩි  1  ½  ගැඹුරටද   පසුව  එයද  වෙනස්වී ,  අඩි80  දිග  අඩි 30ක්  පළලින්  යුතු භාජන  දක්වා  වර්ධනයක්  ඇති  කර  ගන්නා  ලදී. එසේම  මෙම  භාජන  දැමීම  සඳහා  වෙනම  කුටි  නිර්මාණය  කර ඇත. එංගලන්තය  වැනි  රටවල්වල  මේ  කර්මාන්තයට  අදාලව  වෙනම  නගරද  බිහිවී ඇත. මේ  අනුව  සරල  තාක්ෂණයේ  සිට   දියුණු   තාක්ෂනික  සහ  විද්‍යාත්මක  ක්‍රම  භාවිතා  කර  මෙම  කර්මාන්තය  වැඩි  දියුණු  කර  ගැනීමට  ඉහත  කී  රටවල්  සමත්  වී ඇත. මේ  අදහස්    වැදගත්  වන්නේ   අපගේ  කථාවට  මූලිකවූ  මිනිසුන්  හට  මෙම  සරල  තාක්ෂණය  දියුණු  කරගතහැකි  වුයේනම්   මේ  වනවිටත්  සිරිවර්ධන  පෙදෙසේ   මෙම   ලුණු  කර්මාන්තය   පැවතීමට  ඉඩ  තිබුනි.


පෙර කාලයේ ලුණු සෑදූ ස්ථාන
DSC_0038

????????????????????????????????????


සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article