spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුනාමි නිවාස විකුණනවා නම් ඒ අයගෙන් රජයට පවරාගෙන නිවාස නැති පුද්ගලයින්ට ලබාදෙන්න – ගරු ඇන්ටනී පින්තූ පියතුමා

Must read

p1 p3අද (මැයි 04)  මීගමුව  ප්‍රාදේශීය  සංවර්ධන කමිටුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර  එහිදී  මීගමුව දොන් බොස්කෝ ආයතනය විසින්  සුනාමියෙන් අවතැන්වූවන්ට ලබාදුන් නිවාසපුරයේ නිවාස හිමියන් විසින් එම නිවාස විකිනීම පිළිබද ව ප්‍රශ්නයට ගතයුතු පියවර සම්බන්ධයෙන් දොන් බොස්කෝ ආයතනයේ අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ඇන්ටනී පින්තූ පියතුමන් විසින්

අවධාරණය කරන ලදී.  මෙම ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ලෙස මීගමුව ප්‍රා.ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළතුරු දෙමින් කියා සිටියේ  මේ වනවිට දොන්බොස්කෝ නිවාසපුරයේ විකුණා ඇති නිවාස ගණන මේ වනවිට හදුනාගෙන  ලයිස්තුගත කර ඇති බවයි.  ඒ අනුව විකුණා ඇති  නිවාස  10 -15  ත් සංඛ්‍යාවක්  ඇති බවට නිලධාරීන් විසින් තහවුරු කරන ලදී.  එමෙන්ම  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ මීගමුවේදී සාකච්ඡාවක් පැවති බවත් එම සාකච්ඡාවට මෙම නිවාස වල නියම අයිතිකරුවන් සහභාගී නොවුණ බවත් ගරු අධ්‍යක්ෂක පියතුමා පැවසීය. සුනාමියෙන් අවතැන් වූ ධීවර පවුල් වලට ලබාදුන් මෙම නිවාස විකුණා නැවත වෙරළට හෝ වෙනත් ස්ථාන වලට ගොස් ඇති පවුල් සම්බන්ධ‍යෙන් නීතිමය පියවර ගැනීමට නියෝග ලබාදිය යුතු බවත්  ඔවුන්ගෙන් එම නිවාස නැවත පවරාගෙන නිවාස නොමැති ජනතාවට ඒවා ලබාදිමට කටයුතු කළ යුතු බවටත් දොන් බොස්කෝ ආයතනයේ අධ්‍යයක්ෂක ගරු ඇන්ටනී පින්ටෝ පියතුමා අවධාරණය කර සිටිනු ලදී.
‍මීගමුව ජනතාවට හා රාජ්‍ය ආයතන වලට සම්බන්ධ සංවර්ධන ගැටළු රාශියක්  මෙහිදී සාකච්ඡාවට භාජනය වු අතර මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු‍වේ සම සභාපතිවරුන් වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා,මීගමුව  ශ්‍රි.ල.නි.ප ප්‍රධාන සංවිධායක  ලලත් ටෙන්සිල් මහතා,මීගමුව සහකාර ප්‍රා.ලේකම්, සහකාර ප්‍රාදේශීය අධ්‍යක්ෂකතුමිය,මීගමුව නාගරික කොමසාරිවරයා, ඇතුළු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව ධිවර කාර්යාලය,කම්කරු කාර්යාලය,දුම්රිය දෙපාර්තමේන්තුව,මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය, ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිණියන්ද මෙන්ම මීගමුව ග්‍රාම සේවා නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article