spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

Must read

 

අයදුම්කරුවන් මාර්ත 31 දිනට පෙර නිවැරදි තොරතුරු ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 82.1% කි.
පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් 78.3% ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 74.5% ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73.3% ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 71.7% ක් ආදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර ඇත. (ඇමුනුම 01)
මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව රජය තවදුරටත් අවධාරණය කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article