spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුසාන භුමියේ ගස් කපන්නේ අැයි ?

Must read


මීගමුව මහා නගර සභාවේ මාර්තු මස මහා සභා රැස්වීමට විපක්ෂයේ   නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු විසින් මහා නගර සභා භුමියේ තිබූ  ගස් කිහිපයක් කපා දැමීම පිලිබදව වු යෝජනාවක් ඉදිරිපක් කර තිබිනි.  එම කාරණයෙන් අනතුරැව ඔහු   වෙනත් කාරණාවක් සභාව වෙත යොමුු කළේය.
මන්තී්‍රවරයා සදහන් කරන්නේ මහා නගර සභාවට අයත් මීගමුව මඤ්ඤාක්කා හේන නමින් හදුන්වන ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියේ පිහිටි ගස් කිහිපයක්ද දිරාපත්ව ඇති බවට පවසමින් කපා ඉවත් කිරීමට වු යෝජනාවක් මුදල් කාරක සභා යෝජනාවක් ලෙස මෙවර මහා සභාවේ කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරීමට න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.
එම කටයුත්තේදී අදාළ නිලධාරීන් විසින් එවා පරික්ෂා කර බලා වටිනාකම්ද ලබා දී ඇත. මේ නිසා මන්ත්‍රීරවරයා ප්‍රශ්න කරන්නේ සුසාන භුමියේ ඇති ගස් කපා දැමීමට ක්‍රිරයාත්මක වන නීතිමය රාමුව මහා නගර සභා භූමියේ ඇති ගස් කැපීමට අදාල නොවන්නේ කෙසේදැයි කියාය.
එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ එම සුසාන භූමියේ ඇති ගස් සම්බන්ධයෙන් ලබා දී ඇති වටිනාකම්ද ගැටඵකාරී බවයි. පහත පල වන්නේ එම එලෙස සුසාන භූමියේ දිරාපත්ව ඇතැයි යනුවෙන් කපා දැමීමට සුදානම් වන ගස් පිලිබදව විස්තරයකි.
01. මාදන්      ගස් 01 යි. වට අඩි 06 යි . වටිනාකම රු.15000/-
02. මැහෝගනී ගස් 01 යි. වට අඩි 10 යි .  වටිනාකම රු.5000/-
03. මැහෝගනි ගස් 01 යි. වට අඩි 10 යි . උස අඩි 06 යි. වටිනාකම රු. 18000/-
04 මැහෝගනී ගස් 01 යි. වට අඩි 08 යි . වටිනාකම රු.7000/-
දර සදහා
05. සියඹලා ගස් 01 යි . වටිනාකම රු.2000/-
සම්පුර්ණ වටිනාකම – රු. 47000/-
එහෙත් සුසාන භුමියේ පාලක නිලධාරීන් විසින් දිරාගිය අතු ද සහිතව ඇති ගස් වලින් සුසාන භූමියේ කටයුතු වලට බාධා සිදු වන බවට මහා නගර සභාවට දන්වා ඇත. ඒ අනුව එය පරික්ෂා කර බලා කපා දැමීමට යෝජනා කර ඇති ගස් පිලිබදව විස්තරය පහත පරිදි වේ. එනම් මැහෝගනී ගස් 02 යි. මාදං ගස් 01 යි. මාර ගස් 01 යි. වැටී ඇති (දර පිණිස) සියඹලා ගස් 01 යි.  මේ පිලිබදවද අදහස් දක්වන මන්ත්‍රීවරයා සදහන් කරන්නේ වටිනාකම් ඇස්තමේන්තු කර ඇති ගස් වලින් වැඩි පුර එක් මැහෝගනී ගසක් කැපීමට යෝජනාවේ ලිඛිතව අවසර ඉල්ලා ඇති බවයි. එසේම මෙම මැහෝගනී ගස් වල වටිනාකම මෙම තක්සේරු කර ඇති මුදලට වඩා දැව වෙළද පොලේ දැනට ඇති මිළ ගනන් අනුව කිහිප ගුණයක් වැඩි විය යුතු බවයි . මේ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ මෙලෙස බලන කල මෙම ගස් සදහා ලබා දී ඇති වටිනාකම් පිලිබදවද යම් ප්‍රශ්ණකාරී තත්වයක් මතු වී ඇති බවයි. කෙසේ වෙතත් මහා නගර සභා භූමියේ කපා දමා ඇති සහ සුසාන භූමියේ කපා දමන්නට යෝජිත ගස් සම්බන්ධයෙන් විශාල අසාධාරණයක් සිදුව ඇති බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටී. 

මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article