spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සෙනුරි බෝට්ටුවේ පවුල් අඳුරේ ?

Must read

senuri boat peoples
senuri boat peoples

(3.12pm)
2017 වසරේ  දී කුණාටුවට හසුවූ සෙනුරි  බෝට්ටුවේ  අනතුර  සිදුවී  මේවනවිට  මාස  5ක්  ගතවී  ඇත.  ආපදාවට  ලක්වූ  පවුල්  පිළිබඳව   විමසා  බැලූවිට  අතුරුදහන් වූ   අජිත් කුමාරගේ  බිරිඳගේ  අක්කා  වන  මරියා   ප්‍රකාශ කලේ මේවනවිට  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලයෙන්  ලබාදුන්  බඩුමල්ලවත්  නොලැබෙන  බවයි. අසරණභාවයට  පත්වූ   බිරිඳ  සහ  පවුලේ  සියළු  දෙනා  යම්  සහනයක්  බලාපොරොත්තු  වුවද   කිසිවෙකු  ඔවුන්ගේ  ප්‍රශ්ණ  ගනන්  නොගන්නා  බවත්,  මාස  6කින්  පසු  මොනවාහරි   කළ හැකි බව  ධීවර  කාර්්‍යාලයෙන්  පැවසූ  බවත්  මරියා  අප සමග  පැවසීය.

මේ  අතර  මෙම  බෝට්ටුවේ  අයිතිකරුට   ලක්ෂ  20ක  මුදලක්  රක්ෂණයකින්  ලැබී  ඇතැයි  ආරංචිවූ  බව  මරියා  තවදුරටත්  පැවසීය. මේ පිළිඳබව  දැනගැනීම  උදෙසා   සහකාර  ධීවර  අධ්‍යක්ෂක  ඇමතීමට  උත්සාහ  කළද  එය  නිෂ්ඵල  විය. නමුත්  මාස  6  පසුවූ  විට   මේ  බලධාරීන්  කුමක්  කරන්නේ  දැයි  අප  බලා  සිටිමු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article