spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර අලංකරණය වෙනුවෙන් නීති කැඩිම ?

Must read

RDA 3(11.30 am ) මීගමුව කොළඹ මහා මාර්ගය අයත් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටය. තතු එසේව තිබියදි මීගමුව නගරාධිපතිවරයා නිතිවිරෝධි ලෙසින් එකි මාර්ගයේ ලස්සනට වවා ඇති තණ කොල සියල්ල ඉවත් කර ඇති බව වාර්ථාවේ.RDA 2
මේ සම්බන්ධයෙන් අප ඊයේ සවස්වරුවේ  ( මැයි 04 ) මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුවේ ඉජිනේරුවරිය කල විමසුකදි ඇය  කියා සිටියේ මෙසේ තණකොල ඉවත් කිරිම හෝ අදාල කිසිදු කටයුත්තක් ගැන තමන් නොදන්නා බවය
මිගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති රොයිස් විජිත මහතාෙගන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් විසින්ද අදාල කම්කරුවන්ගෙන් මේ ගැන විමසා සිටි බවත් මහනගර සභාවේ කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණද මේ සදහා යොදාවා තිබුණ බව තමන්ද නිරික්ෂණය කළ බවය.RDA 4
මහනගර සභාවට කිසිදු අයිතියක් නැති මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරකට ආදලව මෙසේ කටයුතු කිරිමට නගරාධිපතිට හෝ එහි සේවකයන්ට කිසිදු අයිතියක් නැති බවද ඔහු තවදුරටත් කියා  සිටියේය.
මේ සම්බන්ධයෙන් මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ මුහුණු පොතේ කියා තිබුනේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට අදාල නඩත්තු කිරිම් ගැන දිගින් දිගටම කියා සිටියද ඔවුන් එය නොකළ නිසා මහනගර සභාව විසින් කරන ලද බවය.Mayor 1
පුද්ගලික නිවසක අල්ලපු වැටේ අසල්වැසියා සිය වත්ත පිළිවෙලකට තබාගන්නේ නැතැයි කියා ඒ වත්තට පැන එහි ගස්කොලන් කපා ඉවත් කිරිමට අනෙකාට ඉඩක් නැත.
එය කළ යුත්තේ නිතිරෙගුලාසි ප්‍රකාරය.
මේ රටතුල පවත්නා ඒ ක්‍රමවේදයන්ට අප නිතිය යැයි කියමු.එයට පටහැනිව නිතිය අතට ගෙන කව්රුන් හෝ කටයුතු කරන්නේ නම් එය නීති කැඩිමකි.
මහාමාර්ග අයත් වන්නේ  රජයටය.
ඒවා පාලනය කිරිම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයක් තිබේ.අදාල වගකිම් භාර නිළධාරින් සිටි.
මේ අතර මේ සම්බන්ධයෙන් අද දිනයේ අප විසින් නැවත වරක් මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ අදාල කටයුත්ත ගැන මෙසේ තණකොළ ඉවත් කිරිම ගැන මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිළධාරියෙකුට දන්වා ඇති බවය.
එවිට අප ඇයගෙන් විමසා සිටියේ මෙවන් ප්‍රධාන කටයුත්තක් ඊයේ සිදුවෙමින් තිබියදි ඒ ගැන මීගමුව භාර ආයතන ප්‍රධානියා ලෙසින් නොදැන සිටියේ මන්ද යනුවෙනි..කෙසේ වෙතත් පසුගිය සමයේ විශාල වැයක් දරමින් වවා නඩත්තු කරමින් තිබුන මේ තණකොල අලංකරණය කඩිමුඩියේ ඉවත් කරන්නට නගර සභාවට ඉඩ දුන්නේ ඇයිදැයි අප කළ විමසුමට පිළිතුරු දිමෙන් වැලකි සිටියාය.
පාපැදි තරගයක නිමාව හෙට (මැයි 06 )දිනයේ මහනගර සභාව ඉදිරිපිටින් අවසන් විමට නියමිතව ඇති බව කියැවෙන නගරාධිපති රුව රැගත් තොරණක්ද පාර හරහා දැන් සවි කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article