spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සේයා ඝාතනය කලැයි කියන දෙදෙනා සොහොයුරන් !

Must read

bloodමුළු රටම ආන්දෝලනයකට ලක්‌කළ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අපරාධකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ පුද්ගලයන් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (23) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දැරිය ඝාතනය කළ අාකාරය ගැන පොලිසිය වෙත පාපොච්ඡාරණයක් කර තිබේ.

දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම, මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකපහළ කරයි.

සැකකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයකු කොටුවී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදීය.

එම සැකකරුගේ සොහොයුරා වන අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටියදීය.

මෙම සැකකරුවන් දෙදෙනා තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්‌වූ සේයා දැරියගේ නිවස ආසන්නයේය.

අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස්‌ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධ වූ අයෙකි.

ගම්පහ ප්‍රදේශයේදී මියගිය 26 හැවිරිදි තරුණියකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

කුලීවැඩ කරමින් ජීවත් වී ඇති මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක්‌ පවා පරිහරණය නොකරන පුද්ගලයන්ය.

සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස්‌ නිලධාරීහු මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු සෙවීමට පටන් ගත්හ.

මොවුන් දෙදෙනා හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්‌ විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සොහොයුරන් දෙදෙනා සෙවීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර මුලින්ම වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මොවුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියද පසුව පොලිස්‌ භාරයට ගත් අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් සාක්‍ෂි රැසක්‌ හෙළිදරව් විය.

ගම්පහදී වළදැමූ තරුණියගේ සිරුර ගොඩගෙන දූෂණය කළ ස්‌ථානය වෙත සැකකරු රැගෙන ගිය පොලිසිය එම ස්‌ථානයද පරීක්‍ෂා කර තිබිණි.

මේ අතර සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන බාල සොහොයුරාද ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

එහිදී සැකකරු කැලෑවක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ කැලෑව වැටලූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇතුළුවී සැකකරු අත්අඩංගුවට ගත්තේ ඊයේ දහවල් කාලයේදීය.

පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මෙම සැකකරුවන් දෙදෙනා සේයා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ දැයි සෙවීමට පොලිසිය විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගනිමින් සිටින බව පොලිස්‌ ආරංචිමාර්ග පැවසීය.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත් තිබිණි.

මීට පෙර සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු සහ 33 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ලබන 28 දක්වා රිමාන්ඩ් භාරයටද පත් කර තිබිණි.

ඒ අතර විවිධ පුද්ගලයන් රාශියක් පිළිබඳවද මේ ගැන සැකකර ප්‍රශ්න කළ අතර මේ වන විට පශ්න කළ පිරිස 25 දෙනෙකු පමණ වෙයි.
www.sinhala.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article