spot_img
spot_img
spot_img
spot_img
Wednesday, June 18, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories හමුදා පාට් දමා නිරෝධායන වැඩපිළිවෙල සාර්ථක කරගත හැකිද ?

හමුදා පාට් දමා නිරෝධායන වැඩපිළිවෙල සාර්ථක කරගත හැකිද ?

0
108
90076438_2992072600837585_7749042921009053696_nනිරෝධායන කටයුතු සදහා යොමුවිය යුතු බවට නිර්දේශ කර ඇති රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් ඒ සඳහා යොමුවීමට විරුද්ධත්වයක් දක්වන්නේනම් කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් යළි පැමිණි රටට පිටත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අවධාරණය කරයි.අදාළ රටවල සිට පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලියට සහය දැක්විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඊයේ කියා තිබුණි.
මෙම මාධ්‍ය හමුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නද එක්ව සිටි අතර  කොරෝනා වෛරස නිරෝධායනට අදාළව මෙරට තුළ සිදුකෙරෙන සියලු කටයුතු 1897 අංක 03 දරණ රෝග නිරෝධායන සහ වැළැක්වීමේ ආඥා පණතේ ප්‍රතිපාදන අනුව සිදුකෙරන බවත් පැවසීය.එහි රෙගුලාසි කඩකිරීමේ චෝදනාවට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයකින් වැරදිකරුවෙකු වුවහොත් අදාළ තැනැත්තාට මාස 06 ක් දක්වා සිරදඩුවමක් හා දඩයක් නියම කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

නිරෝධායන ක්‍රියාවලිය පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් හේතුවෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද එහිදී පැවසිණ..

 

ශ්‍රිලාංකාව තුල නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසදාගත යුත්තේ හමුදා පාට් හෝ චණ්ඩි පාට් දමා නොවන බව අදාල බලධාරින් විසින් ඉතා පැහැදිලිව තේරුම්ගත යුතුව තිබේ.ඒ මන්දයත් ඒ රටවල සිට ලංකාවට පැමිණෙන මෙහි එන්නේ සතිගණනාවක මරබියක වෙලි සිටය.
ඒ නිසාම ඔවුන් සිය රට එන්නේ යම් සහනයක් බලාගෙනය.
ඉතාලිය වැනි රටක දිනකට මැරෙන ගණන 100 ක් ඉක්මවා ඇති තත්වයක් තුල එරට රැකියාවල නිරතව සිටි ඇතැමුන් ලංකාවට පැමිණෙන්නේ ඉතා පැහැදිලිව දැඩි මානසික පිඩනයකින් යුතුවය.
ඒ අයගේ මානසිකත්වය වඩාත් හොදින් තේරුම් ගනිමින් ඒ අය විසින් කිසියම් අවලාද නැගුවද ඒවාට බුද්ධිමත් හා සංවේදි ලෙසින් ප්‍රතිචාර දැක්විමට අදාල බලධාරින් සැබැවින්ම කටයුතු කළ යුතුව තිබේ.,
එහෙත් අවසානක මහත වන්නේ මේ තත්වය තේරුම්නොගත් හමුදා ලොක්කන් විසින් දැන් සුපුරුදු චණ්ඩි පාට් හමුදා පාට් මාධ්‍ය හමුවලදිද ප්‍රසිද්ධියේ කිමට පටන් ගැනිමය.මේ හමුදා කතා ගැන මේ රටේ නායකයන් පැහැදිලි ස්ථාවරත්වයක් ගත යුතුය.

නිරෝධායන කටයුතු සදහා යොමුවිය යුතු බවට නිර්දේශ කර ඇති රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් ඒ සඳහා යොමුවීමට විරුද්ධත්වයක් දක්වන්නේනම් කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් යළි පැමිණි රටට පිටත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගේ ප්‍රකාශය ගැන මේ රටේ සිවිල් නායකයන් කියා සිටින්නේ කුමක්දැයි ප්‍රසිද්ධියේ මහජනයා හමුවේ කිව යුතුව තිබේ.ඒ සිවිල් නායකයන්ගේ ස්ථාවරද මේ බ්‍රිගේඩියර්ලාගේ ස්ථාවරයමදැයි නොපමාව රටට හෙළිකළ යුතුව තිබේ.
ඡායා-හිරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here