spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්දුනිසියාවේ පළමු කොරෝනා මරණය විසින් ලාංකාවට කියා දෙන මාරාන්තික පාඩම !

Must read

12013618-3x2-700x467ඉන්දුනිසියාවේ පළමු කොරෝනා මරණය දැන් වාර්තා වි තිබේ. ඇය 53 හැවිරිදි බ්‍රිත්‍යාන්‍ය ජාතික කාන්තාවකි.
ඇය පසුගිය පෙබරවාරි 29 වන දින බාලි වෙත පැමිණ ගුවන් තොටුපලේ තාප සංවේදක වලට ( ස්කැනර් වලට ) negative  සෘණාත්මක ලෙසින් එහි ප්‍රථිපල දක්වා තිබුණද  දින කිහිපයක් ඇතුළත ඇයට කොරෝනා වයිරසයට සමාන රෝග ලක්ෂණ ඇතිව තිබුනි.
දැනට වාර්ථා වන අන්දමට ඇය මිය යනතුරුම ඇයගේ නිවරදි රෝග නිදාන තත්වයට අදාල පරික්ෂණ ප්‍රතිපල අදාල රෝහල වෙත ලබාදිමට අදාල අංශවල බරපතල ප්‍රමාදයක් සිදුව ඇත.
මෙහිදි ඉතා පැහැදිලි වෙමින් ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රවල පැවැතිය හැකි ආකාර්යක්ෂමතාවය සහ වෘත්තිය නොවන පුරුදු මෙහිදි මාරාන්තික විය හැකි අයුරු ගැනය.
විශේෂයෙන්ම ගුවන් තොටුපලේ ස්කැනර් පරික්ෂාව තුලදි උණ රෝගි තත්වයක් පෙන්වා දි නොතිබුණද ඊට දින කිහිපයකට පසුව ඇය කොරෝනා  වෛරස් රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කිරිම නිසාම  නේවාසිකව ප්‍රතිකාර ගැනිම අරඹා තිබුණි.එහෙත් අවසානාව වි තිබුනේ ඇගේ වෛද්‍ය පරික්ෂණ වාර්ථා අනෙකුත් රෝගින්ගේ  ඒවාද සමගින් ලැබෙන විටද  ඇය මිය ගොස් ඇති බවත් එසේ මිය ගොස් ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බවත් සනාත වි තිබිමය.
කෙසේ වෙතත් මේම සිදුවිම හරහා ලංකාවට ගතහැකි ඉතා වැදගත් පාඩමක් තිබේ.
එනම් ගුවන් තොටේ සිටිම නිසි ලෙසින් මේ කොරෝනා වෛරස් පාලනය කිරිමේ වැඩපිලිවෙල වඩාත් වෘත්තියභාවයකින් යුතුව සිදුකළ යුතුව ඇති බවය.
ඊයේ පැවැති පුවත් පත් සාකච්ජාවකදි ජනබලවේගයේ නායකයෙකු වන විජිත හේරත් පෙන්වා දි තිබුනේ කටුනායක ගුවන් තොටුපලේ ඇති ආකාර්යක්ෂමතාවය පිලිබදවය.මේ පසුබිම තුල දැනටමත් අසාදිතයන් රටතුලට ඇතුළු වි ඇතිදැයි යන සැකයද බැහැර කළ යුතු එකක් නොවේ.
 ජාත්‍යන්තර සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඉන්දුනිසියාව තුල කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු සොයා ගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article