spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හාස්‍යජනක ජවනිකා සමඟ විනෝදාත්මක ප්‍රහසනයක්

Must read

 

Anderson Haran

 

හාස්‍යජනක ජවනිකා සමඟින් ආනන්දනීය හෝරා කීපයක් ගත කරන්නට ඔබටත් ආරාධනා.
මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් හි අධිපති ඩිල්ෂාන් මහතාගේ සංකල්පයකට අනුව ප්‍රකට ඉන්දියාවේ , හාස්‍යජනක ජවනිකා ඉදිරිපත් කරන වෘත්තීය කලාකරුවෙකු වන අවිනාෂ් අග්‍රවාල් සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට හාස්‍යජනක ජවනිකා ඉදිරිපත් කරන වෘත්තීය කලාකරුවකු වන ඇන්ඩර්සන් හරන් එක්ව ඉදිරිපත් කරන හාස්‍යජනක සංවාද සමඟින් වන විනෝදාත්මක ප්‍රහසනයක් එළැඹෙන ඉරිදා දින එනම් 2024 මාර්තු 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින සවස 7.00 ට ,මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් ආයතන පරිශ්‍රයේ පිහිටා ඇති නව රංග ශාලාවේදී මෙය පැවැත්වේ. මෙහි වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ඉන්දියාවේ සිට පැමිණ සිටින අවිනාශ් අග්‍රවාල් නමැති ප්‍රකට කලාකරුවා මීගමුවේදී පළමුවරට මෙවැනි රංගන කාර්යයක නිරතවීමයි.

එමෙන්ම මෙම රංග කාර්යයෙන් පසුව පැමිණ සිටින රසික රසිකාවියන්ට ගීත ගැයීමට ද අවස්ථාවක් ලබා දී තිබේ. මෙම හාස්‍යජනක ජවනිකා සමගින් වක මෙම අපුරු ප්‍රහසනය නැරඹීමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර ,මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් වෙන්කර ගත හැක.

අවිනාශ අග්‍රවාල්.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article