spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැමිල්ටන් ඇලෙන් සේප්පුවක්…?

Must read

සුරක්ෂිතව අසුරා තිබු යකඩ සේප්පුවක් හැමිල්ටන් ඇලෙහි තිබියදි මීගමුව පොලිසිය විසින්  පසුගිය නොවැම්බර් 25 වනදා රාත්‍රියේ දි සොයාගෙන ඇත.

පසුගිය නොවැම්බර් 25 දා රාතී්‍ර 7.30 ට පමන , ඩොරොමිබී දීස්නා නැමැති පුද්ගලයෙකු  මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ කුලී ගමන් යන තී්‍ර රෝද රථයකින් පෝරුතොට ප්‍රදේශයේ හැමිල්ටන් ඇල සමීපයට පැම්ණ තම අත තිබූ මධ්‍යම ප්‍රමානයේ පෙටිටියක් වැනි යමක් ඇලට විසි කර තිබේ.

එම පුද්ගලයා පැමිණි ත්‍රි රෝද රථයේ රියදුරු ද මෙම සිදුවීම දැක ඒ පිලිබදව ඔහුට යම් සැකයක් මතු වී පසුව ඒ බව පොලිසියට දන්වා ඇත.  ඉන් පසුව ත්‍රි රෝද රථ රියදුරු විසින් ලබා දුන් විස්තර අනුව හැමිල්ටන් ඇලට විසි කල එම පෙටිටියත්  අදාල අප්‍රිකානු-මාලි ජාතිකයාවත් මීගමුව පොලිසිය විසින් එදින අත්අඩංගුවට ගෙන තිබිණි.

හැමිල්ටන් අලෙන් ගොඩ ගත් එම පෙටිට්ය ජලය නොඑන සේ ඉතා සුරක්ෂිතව ෂෙලෝටේප් වලින් අලවා තිබූ බවත් එහි දිග අඟල් 18 ක් සහ පළල අඟල් 14 ක් වන බවද වාර්තා වේ. එලෙසම මෙම පුද්ගලයාට ශ්‍රි ලංකාව තුල සිටිමට ලබා දුන් විසා බලපත්‍රය මේ වන විට එහි කාලය අවසන් වී ඇති බවටද වාර්තා වුණි.

මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයාව පසුදින එනම් නොවැම්බර් 26 වැනි දින  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ඔහුව දෙසැම්බර් 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කලේය. එලෙසම  මෙම සැකකරු විසින් හැමිල්ටන් ඇලට විසි කල පෙට්ටිය යකඩ සේප්පුවක් බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.  අධිකරණ නියෝගයක් නොමැතිව මෙම යකඩ සේප්පුව විවෘත කීරිමට පොලිසියට අවසරයක්  නැති බවත් අධිකරණයෙන් අවසරයක් ලැබුණු පසු එය විවෘත කර  මේ පිලිබදව ඉක්මන් සහ පුර්ණ විමර්ෂනයක් සිදු කරන බවද මීගමුව පොලිසිය පවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article