spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නත්තලට මීගමුව සුදානම්ද…??

Must read

මීපුර වෙබ් අඩවිය නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයගේ  අදහස් විමසා සිටින විශේෂාංගයක් ආරම්භ කළා.

මෙවර අපේ අවධානය යොමුවුනේ එළඹෙන නත්තල් සමයට නගරය විධිමත් සැලැස්මක් සහිතව සුදානමින් සිටින්නේද යන කරුණයි.

ඒ ගැන අදහස් අපි ඉදිරි දිනවලදි දිනපතාම ඔබ වෙතට ගෙන එනවා.

අපේ මේ විශේෂාංගයේ පළමු ඇරයුම මීගමුව, ඇපලෝ සමුහ ව්‍යාපාරයේ අධිපති
මීගමුව වෙළද සංගමයේ හිටපු සභාපති මොහාන් ද සිල්වා මහතා.ට

………එළඹෙන නත්තල් සහ අළුත් අවුරුදු කාල සීමාව මීගමුවේ අපිට විශේෂිතයි. මොකද අති වීශාල ජනකායක් මීගමුවට පැමිණෙන කාලසීමාව වන්නේ මේ කාලසීමාව නිසා. මීගමුව යනු පෙර සිටම ප්‍රකට වෙළද පුරවරයක් නිසා මේ කාල සීමාව තුල මීගමුව නගරය පිලිබදව විශේෂාකාරයෙන් අවධානයකට ලක් කල යුතුයි. මීගමුව නගරයේ සහ ඊට ආසන්න ප්‍රදේශ වල වාසය කරන අති බහුතරය කතෝලික ජනතාව වුවත් මීගමුව නගරයට අවට නගර සහ ගම් වලිනුත් විශාල ජනකායක් මේ කාල සීමාව තුල පැමිණෙනවා.

ඒ නිසා නගරයට පැමිණෙන ජනතාවටත්, මීගමුව වෙසෙන ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පහසු වෙන විදිහට නගරය තුල කටයුතු විධිමත් සැලසුමකට අනුව පාලනය කර ගත යුතු වෙනවා.
විශේෂයෙන්ම නගරයට ඇතුළු වන රථ වාහන සම්බන්ධව මෙහිදී මුලික සැලකිල්ලක් ලබා දිය යුතු වෙනවා. නගරයේ විදී වල ඇවිදි යන පාරිභෝගීකයන්ටත් , වෙළද සැල් වල අලෙවි කටයුතු කරන ව්‍යාපාරිකයන්ටත් බාධාවක් නොවන සේ රථ වාහන ගාල් කල යුතු වෙනවා.

ඒ සදහා මාර්ග වල ඇති පදික වේදිකා භාවිතා නොකොට නගරය තුල ඇති හිස් භුමියක් වෙන් කර ගැනීමට මීගමුව මහා නගර සභාව උත්සුක විය යුතුයි. මෙවන් රථ ගාලක් නගරයෙන් පිට ඉදි කිරමේදී එම රථ ගාල් වල තමන්ගේ පෞද්ගලික වාහන වල නතර කර නගරයට පැමිනීමට බොහෝ දෙනෙකු අකමැතියි. නගරයෙන් පිට එවන් රථ ගාල් ඇති කල හොත් එතැන් සිට නගරයට පැමිණිමට පොදු බස් සේවාවක්වත් ක්‍රියාත්මක විය යුතුයි. මොකද සාප්පු සවාරියේ එන පාරිභෝගීකයන් තමන්ගේ වාහන නවතා දමා පයින් එන්න එතරම් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්්‍යයෙන්ම මීගමුව මහා නගර සභාව මුලිකත්වය ගෙන නගරය තුල රථ ගාලක් මේ උත්සව කාලසීමාවේදී වත් ස්ථාපිත කල යුතුයි. පොලිසිය විසින් රථ වාහන හිමියන්ව දැනුවත් කල යුතුයි , අනිවාර්්‍යයෙන්ම රථ ගාල් වල පමනක් තම රථ වාහන ගාල් කල යුතුයි කියලා. මේ සදහා තිබුනු හොදම ස්ථානයක් තමයි මීගමුව සාප්පු සංකීර්ණයට පිටුපසින් ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටස. ඒත් ඒ ඉඩම් කොටසත් මේ වෙද්දී කඩ හදන්න ලබා දීලා .
මේ කාලසීමාවේදී ව්‍යාපාරිකයනුත්  යම් අකාරයකින් එයාලාගේ ආකල්ප වෙනස් කර ගත යුතුයි. තමන්ගේ අලෙවිය සහ ලාභය ගැනම නොසිතා මේ කලෙයේ නගරයට පැමිණෙන ජනතාවට නිදහසේ පදික වේදිකා වල ඇවිද යාමට එම පදිකවේදීකා හරස්  නොකොට හැකි තරම් ඒ පදික වේදිකා නිදහස්ව තැබිය යුතුයි. එමෙන්ම රථ වාහන පොලිසිය මේ කල සිමාවේ මීගමුව නගරය ගැන ඉතා හොදින් සැලකිලිමත් වී හොද අධ්‍යයනයකින් පසුව ව්‍යාපාරිකයන් හා එක්ව විධිමත් රථ වාහන සැලැස්මක් කි්‍රයාත්මක කල යුතුයි.

එහිදී රථ වාහන පොලිසිය නගරය තුල අනවශ්‍ය රථ වාහන තදබදයක් ඇති නොවීමට කටයුතු කල යුතුයි. මගේ ආකල්පය වෙන්නේ මෙම කාලසීමාව තුල කාටත් සාධාරණ ලෙස ඒක- මාර්ගික හෙවත් වන්-වේ ක්‍රමයක් නගරය තුල ක්‍රියාත්මක කල යුතුයි.
නගර සභාව මුලික වී හෝ නගරයේ ක්‍රියාත්මක වෙළද සංගම් වලද සහයෝගය ඇතිව නගරය සැරසිලි කීරීම කල යුතුයි. මාර්ග වල හා මංසන්ධි වල විදුලි බුබුළු දැමීම වැනි කාර්්‍යයයන්ද මීගමුවට ආවේනික නිර්මාණාත්මක සැරසිලි තුලින් මේ උත්සව කාලයේ නගරය සහ විශේෂයෙන් මාර්ගයන් අලංකාරවත් වෙනවා නම් හොදයි කියන එකයි මගේ අදහස.  ද

සංවාද සටහන සහ ජායාරූප- තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article