spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ !

Must read

Patali-Chmpika-2019.12.24හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(24) යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප ලබාදීමට අධිකරණය විසින් තීන්දු කළේය.

2016 වර්ෂයේදී නොසැලකිළිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකව පසුගිය18 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගනු ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිය.

ඔහුට ඇප ලබා දෙන්නේද? නැද්ද? යන්න නියෝගය අද (24) දිනයේදී ලබාදෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහිදී ප්‍රකාශකර තිබිණ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article