spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැඩිහිටිකම සවියක් කරගත් අඟුරුකාරමුල්ල ගමේ වැඩි හිටියෝ!

Must read

 

IMG-20191219-WA0052IMG-20191219-WA0051මීගමුව ,අඟුරුකාරමුල්ල “ග්‍රාමීය වැඩිහිටි එකමුතුව ”
සමීතියේ මහ සභාව පසුගිය  (19) විද්‍යාලංකාර විදුහල් ශාලාවේදී පවත්වන ලදී .
මේ සඳහා වයස අවුරුදු 60න් ඉහල කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම සහභාගී විය . මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයද සම්බන්ධවී මෙම සමීතියේ වැඩ කටයුතු පවත්වාගෙන යනබව පෙනින .
මෙය විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ ක්‍රියාකාරී ඳ සංවිධානයකි.
ඔවුන්ම එකතුවී නිලතල වලට සාමාජිකයින් තෝරා ගනිමින් සමීතියේ කටයුතු සාර්ථකව කරගෙන යති. විවේක සුවයෙන් ගතකලයුතු කාලය මෙසේ පොදු සමාජ මෙහෙවරක් සඳහා යොමු කිරීම වැදගත්ය . ප්‍රධාන වශයෙන් සෑම වසර ක් පසා වියලි අහාර මල්ලක් බෙදාදීමක් සිදුකරනු ලබයි.
මෙවරද එය සිදුකරන බව සමීතියේ සභාපති වරයා පවසයි . .
මෙම කටයුත්ත සඳහා ඔවුන් මුදල් එකතු කිරීමක් කරයි. ⁣එසේම සුහද හමු ,චාරිකා මේ ආදී දේවල් මගින් මෙම සමාජිකයන් තම විවේකී කාලය ගතකිරීමට කැමැත්තක් දක්වති.
දිනෙන් දින වියැකී යන ශක්තිය එසේ වියැකී යාමට ඉඩ නොදී යම් කටයුත්තක් වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රසංශනීයවේ.
මෙම රැස්වීමට ගුරුවරුන් , කලාකරුවන් ,රජයේ සේවකයින් වැනි විවිධ තරාතිරමේ අය එක්ව සිටිති . දක්ෂ ගුරුවරයෙකු වූ අඹේවෙල මහතා හරිශ්චන්ද්‍ර විදුහලේ සහ වෙනත් විදුහල් ගනනාවක සේවය කළ ගුරුවරයෙකි. ඔහු මෙම සමීතිය ගැන පලකළේ මෙවන් අදහසකි.
මේ සමීතිය පටන් ගත්තෙ 2009 මාර්තු 12 වෙනිද. දැන් වසර ආසන්න කාලයක් වෙනව. මම මේ සමීතියට බැඳුනෙ සමීතිය ආරම්භ කරපු මුල් අවස්ථාවෙමයි. ”

“මම සමීතියේ කාරක සභිකයෙකු වශයෙන් , උප සභාපති වශයෙන් , උප ලේකම් වශයෙන් සේවය කළා. ඇත්තටම මම ඒ සේවය කරන්නෙ ඉතාම තෘප්තියෙන්. ඉතාම සතුටක් ලබනව මම සමාජයට සේවයක් කරල . ඒඑ් පුද්ගලයින්ට උදව් කරල , දරුවන්ට සමහර වෙලාවට නොමිලේ උගන්වල සතුටක් ලබනව. මම විශ්‍රාම ගියාට විශ්‍රාමිකයෙකු වශයෙන් ස්වේච්ඡාවෙන් පාසැල් කීපයක සේවය කරල තියෙනව. ඒ මම දරුවන්ට ගුරුවරයෙකු වශයෙන් ගොඩක් ආදරේ නිසා”. අඹේවෙල මහතා ගෙන් පිලිබිඹු වන්නේ ඉහතකී හැකියාව සහ දක්ෂතාවය පිළිබඳ ස්වභාවයයි . අතීතයේ ගුරුවරයෙකුගේ නිර්ව්‍යාජ චරිත ස්වභාවය අනුව ඔවුන් තම සේවයට නිසි සාධාරණයක් ඉටුකල බව අපි දනිමු . වැඩිහිටියන්ගේ මෙවැනි යම් ක්‍රියාකාරකමක් වේනම් ඒ මගින් සමාජය යහපත් දිසාවකට යොමුකරලීම සඳහා හේතුවක් බව කිවයුතුය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article