spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෘද රෝගියා මිය ගියේ මිගමු රෝහලේ නොසැලකිල්ල නිසාද ?

Must read

NGB-hospital-(1.00 pm ) නොසැලකිල්ල ලංකාවේ රෝහල් ක්ෂේත්‍රය තුල නිතර කථාබහට ලක්වන ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ. මිගමුව රෝහල මුල්කොටගෙනද  අවස්ථා ගණනාවකදිම මේ ගැටළුව ඉතා බරපතල ලෙසින් මතුව තිබුණි.
වෛද්‍ය නොසැලකිල්ල නිසා රෝගි කාන්තාවක්ගේ පාදයක් වැරදිමකින් කපා ඉවත් කිරිම මුළු රටේම කථාබහට ලක්ව තිබුණි.
ඊයේ දිනයේ මිගමුව රෝහල තුල යම් නොසන්සුන්කාරි තත්වයක් මතුව තිබුණි. ඒ හෘදආබාධයක් නිසා මිගමුව රෝහලට ඇතුළුත් කරන ලද රෝගියෙකු ඊසිජි පරික්ෂණ සදහා රෝහලේ ඉහල මාලයට සහ යලිත් පහල මාලයට ගෙන යමින් සිදුව ඇතැයි කියන යම් පමාවක් අරභ⁣යා රෝගි තත්වය උත්සන්න වි ඉතා අවාසනාවන්ත ලෙස මේ රෝගියා මිය ගොස් තිබුන බව ඊයේ වාර්තා විය.
මින් කිපුණ රෝගියාගේ පවුලේ අය විසින් ආදාල රෝහල් කාර්යමණ්ඩලයට සිය අප්‍රසාදය පළකර තිබුන අතර මෙය කිසියම් නොසන්සුන් තත්වයක් රෝහල තුල නිර්මාණය කර තිබුණි.
මේ නිසා විශේෂයෙන්ම හෙදි කාර්ය මණ්ඩලය මහත් අපහසුවකට පත්ව සිටි බවද වාර්ථා විය.
මේ ගැන රෝහල් අධ්‍යක්ෂක තුමා පැමිණි සොයා බලා තත්වය සමනය කිරිමට කටයුතුව කළ තිබුනේ යැයි රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතමෙකු මිපුර වෙබ් අඩවියට පවසා තිබේ.
අප මේ සම්බන්ධයෙන් ඊයේ සවස් වරුවේ රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් මේ සිදුවිම ගැන එතරම් දැනුවත් නැති බවය.
කෙසේ වෙතත් මෙහිදි යම් වෛද්‍යමය නොසැලකිල්ලක් ඇතිව තිබුනේ නම් ඒ ගැන අපක්ෂපාත පරික්ෂණයක් කිරිමට අදාල බලධාරින් විසින් පියවර ගත යුතුව තිබේ.
එවන් නොසැලකිලිමත් තත්වයන් පාලනය කිරිමටත් යළිත් ඇතිවිමට  අවස්ථාවන් ලබා නොදිමටත් පියවර ගතහැකි වන්නේ එවිටය.
මේ කරුණ ගැන රෝහලේ අදාල බලධාරින්ගේ බරපතල අවධානයක් යොමුවිය යුතුව තිබේ යැයි අවධාරණය කරනු  කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article