spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෝදලා – වේලලා පිටකොටුවේ විකුණන මාස්ක් ?

Must read

1599799910-Mask_L

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින්, නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ.

ඊයේ (10) දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.

කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහත පවසා සිටියේ, පිටකොටුව පරිසර පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් වේලීමට තබා තිබු බවය.

පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හිමිකරුවන් විසින් වැස්සට තෙමී ගොස් ඇති බැවින් මෙලෙස වේලා ගන්නා බව සඳහන් කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඒ පිළිබඳ ඇති වු සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව, පිටකොටුව පොලිස්  ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහතා පැවසීය.
(අද දෙරණ )1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article