spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘‘ කලපුව හැරීම නවතනු ’’ මීගමු ධීවරයන් කටුනායක මහා පාරේ උද්ඝෝෂණයක.

Must read

රජය විසින් නුදුරේදීම මීගමුව කලපුවේ ආරම්භ කිරීමට යන සී-ප්ලේන් ව්‍යාපෘතිය වෙනුවෙන් කලපුවේ සශී‍්‍රකම ප‍්‍රදේශය වන ‘‘ මඩ බොක්ක ’’ ප‍්‍රදේශය හැරීමට විරෝධය පල කිරීම ස`දහාත් , වහාම එම හැරීම අත්හිටුවන ලෙස බලකිරීම ස`දහාත් මීගමු ධීවරයන් විසින් සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂනයක් ඊයේ එනම් නොවැම්බර් 17 වැනි බදාදා, උදෑසන සිට සවස් වනතුරුම පැවැත්වුණි. උදෑසන මෙම විරෝධතාවය පැවැත්වුනේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ මඩ බොක්ක ලෙසින් හ`දුන්වන එම කලපු ප‍්‍රදේශයේදීය. 500 ක පමන ඔරු හා බෝට්ටු ප‍්‍රමානයකින් පැමිණි 1500 කට අධික වන ධීවරයන් පිරිසක් විසින් සිය බෝට්ටු හා ඔරු වලින් ගොස් හැරීමට ලක් වෙන කලපු ප‍්‍රදේශයේදී කතෝලික ආගමීක වතාවන් වල නියැලෙමින් සිය විරෝධතාව පල කළහ. ධිවරයින් විසින් සිය බෝට්ටු හා ඔරු ම`ගින් කලපුවේ එම යන්ත‍්‍රය නවතා තිබූ ස්ථානය ආසන්නයට ගමන් කිරීමට යාමේදී බෝට්ටු 04 කින් පැමිණි නාවික හමුදා භට පිරිසක් එම ස්ථානයට ගමන් නොකරන ලෙස දන්වා සිටි අතර පසුව එම නාවික හමුදා බෝට්ටු 02 ක් ම`ගින් කලපුව හාරන යන්ත‍්‍රය ආරක්ෂා කිරීමට
රැුකවල්ලා සිටින ආකාරයක් දක්නට ලැබිණි. එහෙත් සු`ඵ වේලාවක් යාමේදී ක‍්‍රම ක‍්‍රමයෙන් එම යන්ත‍්‍රය හා එය ආරක්ෂා කරන නාවික හමුදා බෝට්ටු ද මැදිවන සේ සෑම පැත්තකින්ම තම බෝට්ටු හා ඔරු වලින් එම අදාල ස්ථානය වට කොට ගත් එම ධීවර පිරිස කලපුව හැරිමට සිය විරෝධත්වය ප‍්‍රකාශ කිරීම අඛන්ඩව සිදු කළහ.
මෙම විරෝධතාවට සමගාමීව ධීවර පවුල් නියෝජනය කල කාන්තාවන් පිරිසක් හා එම පිරිසට සහය දැක්වූ තවත් පිරිසක් කටුනායක මා`ඵ කඬේ අසන්නයේ කලපු ඉවුර සමීපයේ සිට උද්ඝෝෂනයක නිරත වූහ. එම ධිවර කාන්තාවන් ඇතු`ඵ පිරිස අවස්ථා කිහිපයකදීම කොළඹ- හාලාවත මහා මාර්ගයටද පැමිණ රජයේ සී-ප්ලේන් ව්‍යාපෘතිය වෙනුවෙන් මීගමුව කලපුව හැරීමට ඔවුන්ගේ විරෝධය පල කළහ.
මේ අතර දහවල් 12.00 පමන වනතුරුත් කලපුව තුළ සිය බෝට්ටු හා ඔරු ම`ගින් විරෝධතාවයේ නිරත වූ ධීවරයන්ට කිසිදු අදාළ වගකිව යුතු බලධාරියෙකුගෙන් හෝ නිලධාරියෙකුගෙන් ප‍්‍රතිචාරයක් නොලැබුණි. ඉන්පසුව එම ධීවර පිරිසද කොළඹ- හාලාවත මහා මාර්ගයට පැමිණ තම විරෝධතාවය පල කිරීමට තීරණය කළහ. ඉන් පසු එම ප‍්‍රදේශයේ පැවතියේ දැඩි නොසන්සුන්තාවයකි. එලෙසම මෙම විරෝධතා උද්ඝෝෂණය හේතු කොට ගෙන මහා මාර්ගයේ රථ වාහන ගමනාගමනයටද බාධා ඇති වූ අතර පොලිස් ස්ථාන කිහිපයකින්ම පැමිණි පොලිස් නිළධාරීන් හට මෙම තත්වය පාලනය කිරිමට නොහැකි තත්වයකටද පත් වී තිබිණි. මෙම තත්වය සවස 3.30 පමන වනතුරුම පැවති අතර පසුව එම ස්ථානයට පැමිණි නාවික හමුදා උසස් නිලධාරියෙකු පැවසුවේ කලපුව හැරීම ස`දහා කලපුව තුල ර`දවා ඇති එම විශේෂිත යන්ත‍්‍රය ගලවා ගොඩට ගැනීමට මෙම සී-ප්ලේන් ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් නිලධාරීන් විසින් තීරණය කර ඇති බවයි. එලෙසම එම යන්ත‍්‍රය ඉවත් කිරීම ස`දහා ධීවරයින් පිරිසකගේ සහය ලබා ගත යුතු බවද පැවසීය. ඉන් පසු ඒ ස`දහා 10 දෙනෙකුගෙන් පමණ සමන්විත ධීවරයින් පිරිසක් පිටත්ව ගිය අතර තවත් විශාල ධීවරයින් පිරිසක් එම යන්ත‍්‍රය ගලවා ඉවත් කරන තුරු කලපු ඉවුරු ආසන්නයේ සිටියහ. තවත් විශාල ධිවර පිරිසක්ද එලෙසම ධීවර පවුල් නියෝජනය කරන කාන්තාවන් පිරිසද, ධීවර සමිති හා වෙනත් බහුජන සංවිධාන නියෝජිතයන් සහ මෙම උද්ඝෝෂනයට පැමිණි සිටි කතෝලික පුජකතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් පිරිසක්ද ඇතු`ඵ සෙසු ජනකායද කලපුව හෑරීම නවත්වා අදාළ යන්ත‍්‍ර ඉවත් කරන තුරු මහා මාර්ගය ආසන්නයේම රැු`දී සිටිනු දක්නට ලැබිණි.

protest -seaplane
protest -seaplane
protest in lagoon
protest in lagoon

P1040864

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article