spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආන්ඩු පක්ෂ මංති‍්‍රවරු නගරාධිපතිට එරෙහි වෙති.

Must read

මීගමු මහා නගර සභාවේ ආදායම් තත්වය පහත වැටී තිබියදී නගර සභාවට පහසුවෙන් ලබා ගැනීමට තිබෙන ලක්ෂ ගනනක අදායම් නීතී විරෝධී කණ්ඩායම් වලට යාම වහාම නතර කල යුතුය යැයි  මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂ (එ.ජ.නි.ස.) මංතී‍්‍ර ඇන්ටන් ජයවීර මහතා ප‍්‍රකාශ කලේය. මංතී‍්‍රවරයා එලෙස ප‍්‍රකාශ කලේ. පසුගිය 04 වැනි බදාදා  පැවැති මීගමු නගර සභාවේ මැයි මස මහා සභා රැස්වීමේ, කාරක සභා වාරය ආරම්භ වීමත් සමගමය.

එම ප‍්‍රකාශය කිරීමෙන් අනතුරුව නාගරික මංතී‍්‍රවරයා ආන්ඩු පක්ෂයේ මංති‍්‍ර කන්ඩායම සමග සභා ගර්භයෙන් පිටව ගියහ. ආන්ඩු පක්ෂයේ එක් මංතී‍්‍රවරයෙක් පමනක් සභා ගර්භයේ රැදී සිටියේය.

ඇන්ටන් ජයවීර මංතී‍්‍රවරයා කල ප‍්‍රකාශයේ වැඩි දුරටත් මෙසේ සදහන් විය.කොච්චිකඬේ දුම්රිය පොල අසල පවත්වනු ලබන සති පොල දැනට පවත්වාගෙන යනු ලබන්නේ එය නීති විරෝධීව ලබා ගත් කන්ඩායමකි. ඒකී කන්ඩායම විශාල ආදායමක් ලබනවා. එහෙත් එම ආදායම් නගර සසභාවට ලබා ගත හැකිය. මෙම නීතී විරෝධී කන්ඩායමෙන් මෙම පොල ලබන මහා සභා වාරයට පෙර (මෙම ප‍්‍රකාශය සිදු කල මැයි මස මහා සභා රැස්විමට  පෙර )නිදහස් කර එය නගර සභාවට පවරා ගන්නා බවට නගරාධිපතිතුමා පසුගිය රැස්වීමකදී පොරොන්දු දෙන ලදී. එහෙත් එය එලෙස ඉටු නොවීය. එබැවින් නගර සභාවට ලැබිය යුතු ආදායම් මාර්ග නගරාධිපතිතුමා නිසි ලෙස ලබා ගැනීමට අපොහොසත්වීම  ගැන ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරු වශයෙන් අපගේ බලවත් විරෝධය ප‍්‍රකාශ කර සභාවෙන් පිටව යන බව සදහන් කලේය.

සභාවේ රැදී සිටි විපක්ෂයේ මංතී‍්‍රවරු හා ආන්ඩු පක්ෂයේ එකම මංතී‍්‍රවරයා වු බන්දුල නාඔටුන්න මහතා අමතමින් නගරාධිපතිවරයා මෙහිදී විශේෂ ප‍්‍රකාශයක් කලේය.  එහිදී නගරාධිපතිවරයා සදහන් කලේ මෙම පොල සම්බන්ධව පවතින ගැටඵ සහගත බව දැනට කාලයක සිට ඇති වී තිබෙන බවයි. මෙවැනි ප‍්‍රශ්ණ මතු වන්නේ මෙම පොලෙන් සැහෙන කාලයක සිට ආදායම් මාර්ග ලබා ගත් කන්ඩායම් සිටින අතර එම ආදායම් මාර්ග අහිමි වන විට මෙවැනි තත්වයන් මතු වීම ස්වභාවික බවත් මෙම ගැටඵ වලට විස`දුම් සෙවීමට කොච්චිකඬේ පොලීසිය සමගින් අවශ්‍ය නීත්‍යානූකූලව පියවර මේ වන විට ගෙන තිබෙන අතර මෙම පොල පමනක් නොව නීතියට පටහැණිව කි‍්‍රයාත්මක වන වෙනත් පොලවල් සම්බන්ධයෙන්ද සාධාරණත්වය ඉටු කිරීමට නගරාධිපති වශයෙන් තමා පසුබට නොවන බවටද ඔහු අවධාරණය කලේය.ඉන් පසුව විපක්ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා (එ.ජා.ප.) නගරාධිපතිවරයා අමතමින් ප‍්‍රකාශ කලේ නගර සභා බල ප‍්‍රදේශය තුල නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන පොලවල් නගර සභාවේ පාලනයට පවරා ගැනීම සදහා නගරාධිපතිවරයා විසින් ගනු ලබන  ඕනෑම කි‍්‍රයා මාර්ගයකදී විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

මේ සිදුවිම් දෙස බලන කල මිට ඉහතදි අප හෙළිකළ පරිදි මීගමුව ඇත්තටම පාලනය වන්නේ පතාල අනිතික කණ්ඩායම් මගිනි.

මෙහි වඩාත්  විහිළුව වන්නේ මෙම පොළ පිලිබදව ප්‍රසිද්ධ චෝදනාව ඉල්ලව ඇත්තේ  ද බන්ධුල නාඔටුන්නට විමය.අනික් කරුණ වන්නේ දැනට වසර කිපයක සිට පවත්වාගෙන යන මේ පොල ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දැන් උනන්දුවි ඇත්තේ ඇයිද යන්නය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article