spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”සුපිරි තරු අතර හිරු ”-රසින්ත

Must read

(රසින්ත සිරස සුපර් ස්ටාර් season 5 හි සිටින හැබෑ දක්ෂයෙකි.මේ අප ඔහු පිළිබදව සිරස සුපර් ස්ටාර් season  3 සදහා සහභාගි වෙමින් සිටියදි තැබු සටහනකි.)


සතියෙන් සතිය උද්වේග කරවන මෙම තරඟාවලියේ එක්ලක්ෂ හත්දාහකගෙන් අවසන්
48 දෙනාගේ වටයට ඒමට වරම් ලැබීම නියත වශයෙන්ම එම තරඟකරුවාගේ දක්ෂතාවය මත රඳා පවතින්නකි.
දක්ෂතාවය තම අත්ලේ හොවාගත් ඔහු නමින් රසින්ත ගයාන් ධර්මසේනයි.ඔහු දැනට මීගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටී.

රසින්ත සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරෙක් සිටින පවුලේ බඩ පිස්සායි.අනුරාධපුර එප්පාවල එලියදිවුල්වැව සුන්දර ගම් පියසේ උපත ලද රසින්ත එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා සිප් සතර හැදෑරීය.
පාසලේ දී සංගීතය විෂයක් ලෙස හදාල ඔහුට එහිදී බොහෝ ජයග්‍රහණ වලට හිමිකම් කීමට අවස්ථාව ලැබිණි
.පාසලේදී සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ පද්‍ය ගායනා අංශයේ සමස්ත ලංකා මට්ටමින් වසර 6ක් නොකඩවා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇත.

අපේ අම්මටයි අප්පච්චිටයි හොඳට ගීත ගායනා කරන්න පුළුවන්.ඒ ඉගෙන ගෙන නෙවෙයි.එයාලට සහජ දක්ෂතාවයක් තිබුණා එයට. පොඩි කාලේ අපිව නිදි කරද්දී අපිත් එක්ක ඉද්දී හරි ලස්සනට නියම තාලවලට විවිධ ගීත කියනවා.ඒ ගොල්ලන්ගේ ගීත ගායනා කිරීමේ ඒ ආභාෂය තමයි මටත් ඇවිත් තියෙන්නේ කියලා මට හිතෙනවා”.මෙලෙස රසින්ත තමන්ගේ ගීත ගියනා කිරීමේ හැකියාව පිළිබඳ මුලින්ම කටහඬ අවධි කලේය.

”පාසල් ගමනින් පසු 1994 දී අනුරාධපුර ජාතික තරැණ සේවා සභාවේ සංගීත කණ්ඩායමට ඇතුලත් වුනා.සංගීත කණ්ඩායමකට කියලා මුලින්ම සම්බන්ධ වුනේ එතැනටයි ”.
මෙලෙස තමන්ගේ සංගීත දිවියේ ආරම්භය පිළිබඳ කතා කල රසින්ත ඉන්පසු මේ දක්වා තමන්ගේ සංගීත දිවියේ මං සලකුණු අපට විස්තර කළා
.
”තරැණ සේවා සභාවේ සංගීත කණ්ඩායමෙන් පස්සේ මං අනුරාධපුර  සංගීත කණ්ඩායමට එකතු වුණා
.එදා සිට මම සංගීත කණ්ඩායමේ ගායකයා ලෙස ගීත ගායනා කරනවා.එහෙම පටන් ගත්ත සංගීත කටයුතු තමා මේ දක්වා මං කරගෙන එන්නේ. මම වෘත්තියක් විදියට තමයි සංගීතය කරන්නේ.
මම මේ සංගීත කණ්ඩායමේ අවුරැදු
15ක කාලයක් ගායනා කිරීමෙන් ලැබූ පන්නරය තමයි මේ දක්වා දුර පැමිනීමට හේතුවක් වුණේ.”

මීළඟට අපි රසින්තගේ සුපර් ස්ටාර් ගමන් මඟ ගැන විමසූවා.
”ඇත්තටම සුපර් ස්ටාර් කියන්නේ දක්ෂතාවය
50%ක් හා වාසනාව 50%ක් මුසුවී තිබෙන අතිශය කරඟකාරී එකක්.ඉතින් ඒ තරඟයේ මේ දක්වා පැමිණීමම ලොකු ජයග්‍රහණයක්.මොකද මම සීසන් 1 එකටත් සහභාගී වුණා.”

”ඒකෙදී පළමුවැනි  SMS වටයෙන් ඉවත් වුණා.ඒක නිසා මට එදා සහ අද වෙනස හොඳට තේරෙනවා.
මොකද සීසන්
1 එකට තරඟකරැවන් හිටියේ 6000ක් විතරයි.ඒත් සීසන් 3දී එක්ලක්ෂ හත්දාහක් තරඟකරැවෝ ඉන්නවා.ඒ අයගෙන් අවසන් 48ට තේරීම ලොකු වාසනාවක්.ඒවගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිරස ආයතනය අපට දීපු මේ අවස්ථාව නිසා තමයි අපේ හැකියාවන් හැම දෙනාටම පෙන්නන්න අවස්ථාව ලැබුණේ. මෙවර තරඟයේදී අපට ලැබුණු ලොකුම අවස්ථාවක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී අනෝජා වීරසිංහ මහත්මිය මෙහෙයවපු කටහඬ පිළිබඳ වැඩමුළුව.ඒකෙදී අපි හුගාක් වේදිකාව පරිහරණය අංග චලනය ඇතුළු විවිධ වු අභිනයන් පිළිබඳව පුලුල් වූ දැනුමක් ලබාගන්න හැකිවුනා.
අපි අවසාන වශයෙන් රසිනතගෙන් මේ තාක්දුර පැමිණෙන්න අතදුන් අය ගැනත් විමසුවා
. මම අද යම් තත්වයක ඉන්නවා නම් ඊට මාගේ පාසලේ මට උගන්වපු සියලුම ගුරැභවතුන් වගේම මගේ ගමේ සියලුම ගම්වාසීනටත් දැනට මං පදිංචි වෙලා ඉන්න දළුපොත ප්‍රදේශයේ සියළුම ප්‍රදේශවාසීනටත් මගේ යහළුවන් හැමෝටමත් අනේක වාරයක් ස්තූති කරනවා.
මේ කෙසේ වෙතත් රසින්තගේ ඉදිරි සංගීත ජීවිතය සාර්ථක වේවායි ඉත සිතින් මීපුර අපි ප්‍රාර්ථනා කරමු
.

සංවාද සටහන- ඩිලාන් දමිත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article